යුද ගැටුම්වලින් පීඩාවට පත් පලස්තීන සහ ඉරාන වැසියන් වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ගීතයක් එළි දක්වා තිබෙනවා.
“කාගේද මේ මූනිස්සම්?” යනුවෙන් නම් කර ඇති මෙම ගීතය අද පෙරවරු 10.00ට Youtube අවකාශය ඔස්සේ ජනගත කෙරුණා.
සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් වීමල් වීරවංශ මහතා පෙන්වා දී ඇත්තේ, ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන්, මෙම ගීතය ඉදිරිපත් කෙරෙන බවයි.
මෙම ගීතයේ පද රචනාව මෙන්ම ගායනයද විමල් වීරවංශ මහතා විසින් සිදු කර තිබෙනවා.
