ඇමෙරිකානු ප්‍රතිපත්තිවලට විරුද්ධ වුණොත් කිසි සමාවක් නෑ… ට්‍රම්ප් කරන්න යන දේ…

අමෙරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ එකඟවන රටවල් සඳහා 10% අතිරේක තීරුබදු පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

අමෙරිකාව විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශත සඳහන් ලිපි අමෙරිකානු වේලාවෙන් අද දහවල් 12 සිට අදාළ රටවල් වෙත යොමුකිරීම අරඹන බව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ.

ඔහුගේ TRUTH සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ BRICS සංවිධානය හඳුන්වාදෙන අමෙරිකානු විරෝධී ප්‍රතිපත්ති (Anti-American policies) සමඟ එකඟවන ඕනෑම රටකට 10% ක අතිරේක තීරුබදු පනවන බවය. තවද බදු ප්‍රතිශතය කිසිසේත් වෙනස් නොකරන බවත් ඔහු අවධාරණය කර තිබුණා.
“බ්‍රික්ස් හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තිවලට අනුකූල වන ඕනෑම රටකට අමතර 10% ක තීරුබදු අය කෙරේ. මෙම ප්‍රතිපත්තියට කිසිදු ව්‍යතිරේකයක් නොමැත. මේ කාරණය කෙරෙහි ඔබේ අවධානයට ස්තූතියි!”

“Any Country aligning themselves with the Anti-American policies of BRICS, will be charged an ADDITIONAL 10% Tariff. There will be no exceptions to this policy. Thank you for your attention to this matter!”

ඔහු මේ බව නිවේදනය කළේ BRICS සමුළුව බ්‍රසීලයේදී ආරම්භ වූ පසුබිමක් තුළය. මෙවර (2025) BRICS සමුළුව බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවැත්වෙන අතර මෙය දහහත්වන වාර්ෂික BRICS සමුළුවයි. ඊයේ (06) ආරම්භ වූ BRICS සමුළුව අද දිනයේද පැවැත්වේ.

2009 වසරේදී BRICS රටවල් එකතුවට, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය පිහිටුවාගත් එම සංවිධානයට පසුකාලීනව දකුණු අප්‍රිකාව එක්වූ අතර, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුව ඊට සම්බන්ධ වුණා.
BRICS සමුළුව ආරම්භ කිරීමෙන් පසු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, තීරුබදු ඉහළ යාම ගෝලීය වෙළඳාමට තර්ජනයක් වන බවට එම කණ්ඩායම අනතුරු ඇඟවූ අතර, ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්ති පිළිබඳ සහ එහි සැඟවුණු අර්බුධයන් දිගින් දිගටම විවේචනය කර ඇත
ගෝලීය දකුණ පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් කතා කිරීමට අපේක්ෂා කරන මෙම රැස්වීමට රාජ්‍ය තාන්ත්‍රික බරක් එකතු කර ඇති මෙම කණ්ඩායමේ ව්‍යාප්තිය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ගෝලීය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ඉල්ලීම් තීව්‍ර කරයි.

අමෙරිකානු බලධාරීන්ට අනුව අගෝස්තු මස පළමුවැනිදා සිට තීරුබදු ප්‍රතිශත ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත.

Author

Related Posts