තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) (අ) වගන්තිය යටතේ යැයි පවසමින් ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ නම් ලබාදීම ප්‍රතික්ෂේප කෙර ඇති බව අනුරුද්ධ බණ්ඩාර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දී තිබෙනවා.
ඔහු මේ පිළිබඳ ව දක්වමින් එහි තබා තිබූ සටහන මෙසේ යි.
“මහජන මුදලින් වැටුප් ලබන සිවිල් සේවකයන් පිරිසකගේ නම් හෙලි කිරීම ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ශේප කිරීම ඉතාමත් බරපතල තත්වයකි. එහි සමහර නිලධාරීන් සිය තනතුර යොදාගෙන පොලිස් පැමිණිලි පවා ඉදිරිපත් කර සිය සමාජ මාධ්‍ය ගිනුම් හරහා ප්‍රසිද්ධ කර තිබෙන පරිසරයක තොරතුරු නිලධාරියා වෙනුවට ජනාධිපති ජේශ්ඨ සහකාර ලේකම් එච් එම් කුමාරසිරි නැමැත්තා මෙසේ තොරතුරු ප්‍රවේශය අවහිර කිරීම හාස්‍යජනකය.
තවද මා විසින් සිදු කල පහත අභියාචනය පරිදි සමහර තොරතුරු ලබාදීම මගහරිමින් අක්‍රමවත් සහ සම්පූර්ණ නොවන තොරතුරු ලබාදී ඇත.
1.ජනාධිපති මාධ්‍ය අංශයේ සියලු තනතුරු
2.ඒවාට පත්කල අයගේ නම්
3.පත්වීම් දිනය
4.එක් එක් තනතුර සදහා වන වැටුප
5.එක් එක් තනතුර සදහා වන වෙනත් මූල්‍යමය දීමනා , වාහන සහ ඉන්ධන දීමනා හෝ පුද්ගලික කාර්යමණ්ඩල දීමනා (ඇතිනම්) (මෙය වගුවක ආකාරයෙන් ලබාදෙන්නේ නම් වඩාත් පහසු වේ)
තොරතුරු කොමිසමේ සභාපති ධුරයට බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයකු පත් කිරීමට සුදානම් බවට කතාබහක් ඇතිව ඇති කාලයක සිදු කරන මෙම සීමා කිරීම් බරපතල ලෙස සැලකිය යුතුය.
ජනාධිපති මාධ්‍ය අංශයේ සමහර නිලධාරීන්ගේ වෘත්තීමය නොවන ක්‍රියාකලාපය තුලින් හානි කරන්නේ සුවහසක් ජනතාවක් තබා තිබෙන බලාපොරොත්තුවකටය. එම හානිදායක ක්‍රියාවලියට එරෙහිව අප දිගින් දිගටම පෙනී සිටින්නෙමු.”
ඒ සමඟ ඔහු වෙත ජනාධිපති කාර්යාලය විසින් එවන ලද ලිපියක් ද අමුණා තිබුණා.

කෙසේ නමුත් අනුර කුමාර ජනාධිපතිවරයා පෙර පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුව සිටිය දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මාධ්‍ය අංශය පිළිබඳ 2022 සැප්තැම්බර් මස 02 වන දින විවේචනාත්මකව ප්‍රශ්න කරමින් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමක නිරත වූ බව අප කෙසේ හෝ අමතක කළ දැමිය යුතු ය. ඒ දැන් ඔහු ජනාධිපතිවරයා නිසා ය. ඒ ඔහු දැන් දැන් ප්‍රශ්න කිරීමටවත් තොරතුරු පිටතට ලබා දීමට මැළි වෙන නිසා ය.
රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය අංශය ප්‍රශ්න කිරීමට අනුර කුමාර මන්ත්‍රීවරයාට එදා හැකි වුව ද අද පුනරුද ආණ්ඩුව යටතේ වර්තමාන ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය ප්‍රශ්න කිරීමට අපිට තොරතුරු ලබා ගැනීමට හැකියාවක් නැත. අධ්‍යක්ෂකවරු ගණන ගැන පාර්ලිමේන්තුවට පැමිණ කතා කරන්නැයි බල කරන්නට අධ්යක්ෂවරු කීයක් සිටිනවාද යන්නවත් අපි දන්නේ නැත. තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) (අ) වගන්තිය යටතේ අපිට එම කරුණු දැනගැනීමට අවසර නැත. නමුත් එදා අනුර කුමාර මන්ත්‍රීවරයාට ඒ අවසරය දීමට තරම් රනිල්ගේ ආණ්ඩුව නම්‍යශීලී වී ඇත.
නමුත් පුනරුදයෙන් පසුව අපට ප්‍රශ්න කිරීමට Access නැති වී යාම කොතරම් ඛේදජනක ද ? තව ටික කලකින් මොන මොනවාට Access නැති වේදැයි සිතා ගැනීමට ද හැකියාවක් නැත.
