අරමුණ සම්බන්ධයෙන් පැහැදිලි බවක් නො පෙනීම හේතුවෙන් ශ්‍රී ලංකා කර්තෘ සංසදය, ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කමිටුවෙන් ඉවත් වී ඇති බව අද මව්බිම පුවත්පත වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ ලේකම් මොහාන් ලාල් පියදාස මහතා සඳහන් කර ඇත්තේ, “ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් පත් කරන ලද කමිටුවේ ඇතැම් සාමාජිකයන් ශ්‍රී ලංකා කර්තෘ සංසදය ද එවන් න්‍යාය පත්රයකට සහභාගි වී ඇති බවට ඇඟවෙන ප්‍රකාශ ප්‍රසිද්ධියේ සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ අවධානය යොමු වී ඇති බවයි.”
අමාත්‍යංශ නිලධාරීන් විසින් සිදු කෙරුණු පරස්පර විරෝධී ප්‍රකාශ හේතුවෙන් එවැනි ප්රතිපත්තියක ප්රභවය සහ අරමුණු පිළිබඳ පැහැදිලි බවක් නොමැති යැයි පෙනී යාමෙන් පසුව ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කමිටුවට සහභාගි වීමෙන් ඉවත් වන බව කර්තෘ සංසදය විසින් අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ අත්සන්කරුවකු ලෙස කර්තෘ සංසදය තම ස්ථාවරය නැවත අවධාරණය කර සිටින අතර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට විකල්පයක් උදෙසා සිදු කෙරෙන සාකච්ඡා සඳහා සහභාගි වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ද සඳහන් කර සිටියා.
