ජනතා විමුක්ති පෙරමුණ යනු රෝහණ විජේවීර නැමති අව්‍යාජ දේශපාලන නායකයාට ජාතකව බිහිවුණු සුජාත දේශපාලන පක්ෂයක් වුවද, පසු කාලීන ජනතා විමුක්ති පෙරමුණ විජේවීර ජාතකයට උරුමකම් නොකියන බව විමල් විරවංශ පවසනවා.
රෝහණ විජේවීර ජාතකය විසින් උරුමකම් දෙන ලද දේශපාලන චින්තනයට දැක්මට හිමිකම නොකියන නිසා ජ.වි.පෙ වෙන පරිච්ඡේදයක් ගැන කතා කිරීමට සිදු ඇති බව ඔහු පැවසුවා. “රතු වස්ත්‍රධාරියා” හෙවත් “විජාතික විජායන කතා වස්තුව” නමින් අවිස්සාවේල්ල, පහත්ගම, ඉසුරු ඉන් උත්සව ශාලාවේදී ජාතික නිදහස් පෙරමුණ විසින් ඊයේ (06) පැවැත් වූ සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
විජේවීර සහෝදරයාට ජාතක වූ ජ.වි.පෙ දර්ශනය, න්‍යාය සහ ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන්ම කණපිට හරවා තව දුරටත් විප්ලවවාදී හෝ වාමාංශික යයි කිව නොහැකි තත්වයකට පත්ව ඇත. සමහර හාමුදුරුවරුන්ට චීවරධාරියා යයි කියන්නා සේ ජවිපෙ නායකයන් සාමාජිකයන් රත් වස්ත්‍ර ධාරියා හෙවත් විජාතික විජායන යනුවෙන් හැඳින්විය හැකි බව විමල් පවසනවා. විජාතික විජායනය හෙවත් අවජාතකයාගේ බිහිවීම එසේත් නැත්නම් සුජාත බිහිවීමෙන් පසු අවධියේ සිදු වෙමින් යන විපර්යාශය තුල ජවිපෙට තිබූ ජනතා විශ්වාසය අනුව ගමන් කරන්නේද යන්න ගැටළු සහගත බව විමල් විරවංශ පවසයි.
Yankee Dicky ලෙස හඳුන්වමින් ජේ.ආර් ජයවර්ධනත් එවකට කටයුතු කළේ මේ ආකාරයට බව පැවසු විමල් කියා සිටියේ වත්මන් ජවිපෙ ආණ්ඩුව ජේ ආර්ටත් අන්ත බව පැවසුවා. මක් නිසාද යත් ජේ ආර් 1987 දී ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ප්‍රසිද්ධ කළ නමුත් මේ ආණ්ඩුව ඒවා හංගාගෙන සිටින බැවිනි. යැංකි ඩිකීගේ බෑනා රනිල් වික්‍රමසිංහ 2001 දී LTTE නායක ප්‍රභාකරන් සහ නොර්වේ සාම නියෝජිත සමග රනිල් වික්‍රමසිංහ සටන් විරාම ගිවිසුමක් අත්සන් කළ අතර එයද ඔහු ඒ මොහොතේ එළියට දැමූ නමුත් මේ ආණ්ඩුව නරේන්ද්‍ර මෝධි සමග අත්සන් කළ ගිවිසුම් 7න එකක්වත් ප්‍රසිද්ධ කර නොමැති බව විමල් විරවංශ වැඩි දුරටත් පැවසුවා.
රටට අහිතකර වූ ඉන්දු ලංකා ගිවිසුම එලියට දැමීමට ජේ ආර් ජයවර්ධනට ධෛර්යය තිබූ අතර, රටට තුරු කොටි සහ නොර්වේ සමග අත්සන් කළ ගිවිසුම එලියට දැමීමට රනිල්ටත් ධෛර්යය තිබූ අතර,
මේ සිටින පාලකයන් මේ රටේ තාවකාලික භාර කාරයන් වන නමුත් ජනතාව අයිතිකාරයන් බැවින් අයිතිකාරයන්ට සඟවා රටවල සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට තාවකාලික භාර කරුවන්ට අයිතියක් නොමැති බව ඔහු සඳහන් කළා. ගිවිසුම් හංගා තියාගෙන රටේ ස්වෛරීත්වය බිලිදිය නොහැකි අතර මේවා හෙළි නොකිරීමේ රහස කුමක්දැයි විමල් විමසා සිටියා. රටට අවාසිදායක නැත්නම්, රටට හිතකර නම් සහ දෙපාර්ශවයටම වාසිදායක නම් සඟවාගෙන සිටීමට හේතුවක් නැති බව ඔහු පැවසුවා. පාරේ ටයර් සෑයවල වල පිච්චේද්දී, මල මිනි ගොඩ ගැහෙද්දි, වධකාගාර තැන්තැන් වල හැදෙද්දී ඒ සියලු ජිවිත අවධානම මැද ඉන්දියානු ආක්‍රමණිකයාගෙන් මව් බිම නිදහස් කර ගත යුතුය යන සටන් පාඨය හදවතේ ගැඹුරුම තැන කොටා ගත් බව විමල් පවසයි. විමල්ලාව එලෙස ජවයකින් නිර්මාණය කළේ ජවිපෙ සුජාත පක්ෂය මිස දැන් තිබෙන විජාතික පක්ෂ නොවන බවත් දැන් මොවුන් බලය ගෙන ලැජ්ජාවක් නැති නිවටයන් සේ ඉන්දියාවේ අවසරයක් නොමැතිව ගිවිසුම් පෙන්විය නොහැකි යයි පවසන බවත් විමල් විරවංශ වැඩි දුරටත් කියා සිටියා.
