හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට ඩුබායිහි සිට පාතාල නායකයකු විසින් දුරකථන ඇමතුම් හරහා මරණ තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වේ.
මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් ටිරාන් අලස් විසින් සියළුම පොලිස් විශේෂ අංශ දැනුවත් කර ඇති බව වාර්තා වන අතර මරණීය තර්ජනය පිලිබදව පොලීසිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පැවසෙනවා.
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කල කාලයේ රටින් පලාගොස් සිටින පාතාල නායකයින් සහ සාමාජිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියෝග කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශවලට දීම පිළිබඳව ප්‍රකාශ කරමින් මරණ තර්ජනය කර ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද පසුගිය වසරේ ජූලි මාසයේදී ද පාතාල නායකයින් විසින් ටිරාන් අලස්ට මරණ තර්ජන සිදු වන බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බවට වාර්තා වුණා. එහිදී ටිරාන් අලස්ගේ ආරක්ෂාව වැඩි කිරීමට ද පියවර ගත් අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් මෙලෙස තර්ජනය කළ බවටද වාර්තා විය.
