මනූෂ මනුසවියේ සල්ලි වලට ෂොට් එක දීලද?

රැකියා සඳහා විදෙස් ගත ශ්‍රමිකයන් සඳහා ණය පහසුකම් ලබා දෙන ක්‍රමවේදයක් රට තුළ ක්‍රියාත්මක වී තිබූ බවත් එය එකවරම “මනුසවිය” නමින් හැඳින්වූ බවත් එහි අක්‍රමිකතාවක් පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් පවසනවා.

ඒ අනුව මනුසවිය අරමුදලේ තිබූ මුදල් පිළිබඳව ක්ෂේත්‍ර නිළධාරීන්ගේ නොදැනුවත් බාවය සහ එහි ඇති වී තිබෙන ගැටළු පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කියා සිටියා. මෙය කලින් ආණ්ඩුව සමයේ සිදු වූ අකමිකතාවක් බවත් මනුසවිය අරමුදලේ මුදල්, එහි කටයුතු සිදු වූ ආකාරය පිළිබඳව සොයා බැලිය යුතු බවත් ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් ආයතන මට්ටමෙන් මූලික පරීක්ෂණයක් සිදු කරගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

පසුගිය ආණ්ඩු සමයේදී “මනු සවිය” නමින් ක්‍රියාත්මක වූ ණය වැඩසටහන පිළිබඳව පැමිණිලි ලැබී ඇති අතර එහි ප්‍රධාන චෝදනාව ලෙස සඳහන් කර ඇත්තේ ණය පිළිබඳව රජයේ පහළ මට්ටමට තොරතුරු යාමටත් පෙර එම ණය ලබා දී තිබීමයි. නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මීට අදාළ සංවර්ධන නිලධාරීන් ඇතුළු කෂේත්‍ර නිලධාරීන්ට පවා නොදන්වා මෙය සිදු කරගෙන ගොස් ඇති අතර නිසැකවම මෙහි අක්‍රමිකතාවක් සිදු ඇති බව ඔහු සඳහන් කරයි.

ණය ලබා ගත් පුද්ගලයන් ඒවා ලබා ගත් ආකාරය පිළිබඳව වෙනම සොයා බැලිය යුතු අතර ප්‍රධාන සිද්ධිය සම්බන්ධව ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන අතර පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශයක් කල හැකි බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
විදේශ ගත වූ ශ්‍රමිකයන්ට ණය පහසුකම් ලබා දීම සම්බන්ධව කැබිනට් අනුමැතියක් ලැබී තිබූ නමුත් එහි කොතනකවත් මනුසවිය නමින් සඳහන් නොවූ බවත් මේ තුළ සිදුව ඇති දේ සහ තමන්ගේම අයට මුදල් දී තිබේද යන්නද සොයා බලන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

2023 වසරේ දෙසම්බර් 4 වෙනිදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් සිදු වූ විය. මෙම ණය යෝජනා ක්‍රමය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කිරීමට ආරම්භ කළ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිම සදහා රු.බිලියන 5 ක මුදලක් වෙන්කරන ලදී. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගත විදේශගත ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය අදාළ වේ.

ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම හෝ පුළුල් කිරීම, නිවසක් මිලට ගැනීම, ඉදිකිරීම හෝ පුළුල් කිරීම, ඉඩමක් හෝ වාහනයක් මිලට ගැනීම, දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා හෝ වෙනත් ඵලදායි කටයුත්තක් සඳහා මෙම ණය මුදල ලබාගත හැකි වූ අතර උපරිම ණය සීමාව ලක්ෂ 20කි. මේ සඳහා සැපිරිය යුතු කොන්දේසිය වූයේ ණය මුදල ගැනීමට පෙර මාස 3 ක් ඇතුළත සිදුකරන ලද සාමාන්‍ය ප්‍රේෂණයන්හි 60% ක සීමාව මෙන් 36 ගුණයක් හෝ රු.මිලියන 2 න් අඩු අගය අදාළ කරගත යුතු විය. මේ ණය සඳහා 8%ක පොළියක් එකතු වන අතර උපරිම වාරික 36ක් පමණක් ණය ගෙවීම සඳහා හිමි වේ.

මේ සමගම විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා මනුසවී නමින් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්ද සකස් වූ අතර එය තනිකර පුස්සක් බවට වී ඇත. මක් නිසාද යත් වාර්තා වන ආකාරයට මේ වන විට එහි සාමාජිකත්වය ලබා සිටින්නේ 200කටත් අඩු පිරිසකි. මේවා සම්බන්ධයෙන් ජනාතාව දැනුවත් කර තිබන ආයතන තව දුරටත් පවත්වාගෙන යන්නේ සහ ඒවායේ සේවකයන් පුරවාගෙන නිකරුණේ වැටුප් ගෙවීම ජාතික අපරාධයකි.

මනූෂලා ගැන අරුන්ලා විසින් පරික්ෂණ ප්‍රමාද කරන්නේ මන්දැයි නොතේරේ. නමුත් ජාතික තරුණ සේවා සභාව පිළිබඳව කෝප් කමිටුවේ හෙළි වූ කාරණා, හිටපු අමාත්‍යංශ ලේකම් විමලවීරලා වගකිවයුතු ප්‍රශ්න වලින් ලිස්සා යාම, නීතිවිරෝධී E8 වීසා ගනු දෙණුව හා ජයගමු ශ්‍රී ලංකා මූල්‍ය වංචාව පිළිබඳව පරීක්ෂණ ඉබි ගමනේ යන බවක් පෙනේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading