මැරෙන්න කිට්ටුයි… පුළුවන්නම් මොනවා හරි කරලා දෙන්න – “ජනාධිපතිගේ අරමුදල” වී තිබූ අරමුදල දැන් ජනතාවගේ…

පසුගිය කාලයේ සිටි බොහෝ ජනාධිපතිවරු, ජනාධිපති අරමුදල තේරුම්ගෙන තිබුණේ “ජනාධිපතිගේ අරමුදල” යනුවෙන් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා. දකුණු පළාතේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම සඳහා අද (06) රුහුණු විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ වචනයේ වෙන පුංචි වුණාට එය පුංචි අදහසක් නොවන බව සඳහන් කරමින් ඔහු කියා සිටියේ පසුගිය කාලයේ සමහර මැති ඇමතිවරු මේ අරමුදල තමන්ගේ බූදලයක් බවට පත් කරගෙන තිබූ බවයි.
මේ අරමුදලෙන් සමහර ඇමතිවරු විදේශ රටවලට ගොස් බෙහෙත් ගත් අතර ජනාධිපති අරමුදල අයථා ලෙස භාවිතා වූ බව බොහෝ දෙනෙක් දන්නා කාරණයක් බව අමාත්‍යවරයා සඳහන් කළා. ඉතිහාසයේ පළ වෙනි වතාවට මෙම අරමුදල ජනාධිපතිගේ අරමුදල බවට පත් වීම වෙනුවට එය ජනතාවගේ අරමුදල බවට පත් වී තිබෙන බව ඔහු පවසයි.
මේ ආණ්ඩුව බලයට පැමිණි පසු මොනවද කළේ යනුවෙන් බොහෝදෙනෙක් අසන අතර කරපු දහසක් දේ අතරින් තවත් සුවිශේෂී දෙයක් ලෙස, මෙතෙක් කාලයක් ජනාධිපතිගේ අරමුදල වී තිබූ මෙම අරමුදල ජනතාවගේ අරමුදල බවට පත් කිරීම හැඳින්විය හැකිය.
මේ අරමුදල ජනතාව වෙනුවෙන් වන අරමුදලක් බවට පත් වී ඇති අතර ජනතාවගේ ලෙඩ දුක් වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන්, දුප්පත් කම තුරන් කිරීම වෙනුවෙන්, මහජන හිතසුව පිණිස යොදාගන්නා අරමුදලක් බවට පත් වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කලේය.
ඔවුන් විපක්ෂයේ සිටියදී බොහෝ ජනතාව පැමිණ “මැරෙන්න කිට්ටුයි… පුළුවන්නම් මොනවා හරි කරලා දෙන්න” යනුවෙන් පැවසූ බව හඳුන්නෙත්ති පවසයි. මේ සඳහා වූ ක්‍රියාවලිය ඉතා අපහසු ක්‍රියාවලියක්ව පවතී අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන් ඇතුළු ආයතන වලින් සහතික කළ ලේඛන බොහෝ ප්‍රමාණයක් අවශ්‍ය විය. අවශ්‍ය ලියකියවිලි සකස් කරගෙන යන විට රෝගියා මියගොස් සිටීමටද හැකියාව ඇති බව පවසමින් ඔහු කියාසිටියේ දේශපාලඥයින්ට එවැනි කිසිවක් අවශ්‍ය නොමතිව, අනුමත කිරීම් නොමැතිව කෝටි ගණනින් වන මේ අරමුදලේ මුදල් ලබාගෙන ඇති ආකාරය විමර්ශන වලින් හෙළිදරව් වී ඇති බව අමාතයවරයා පවසයි.

වර්තමානයේ එම අරමුදල ජනතාව වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන් භාවිතා කරන අතර උසස් පෙළ ඉහළින් සමත් දරුවන් සඳහා අරමුදලින් මිලියන 30ක් පමණ වෙන් කර ඇති බව ඔහු සඳහන් කළා. එසේම 2024/2025 දරුවන් සඳහා මිලියන 150ක් පමණ වෙන් කර ඇත. සාමාන්‍යපෙළ ඉහළින් සමත් දරුවන් සඳහා රු. 50000 බැගින් ලබා දීමටත් මිලියන ගණනක් වෙන් කර ඇති අතර සමස්ත කාර්යය වෙනුවෙන් මේ වන විට රු. මිලියන 3575ක පමණ මුදලක් වෙන් කර ඇත. ඊට අමතරව මිලියන 1800ක් පමණ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලටත් වෙන් කර ඇත.
බදු ගෙවන ජනතාවට වග කියන ආණ්ඩුවක්, පුරවැසි ආණ්ඩුවක් තියෙන නිසා සහ මහජන ජනාධිපතිවරයෙක් සිටින නිසා මෙම ප්‍රතිපාදන මේ ආකාරයට ලැබෙන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අද දින පැවති මෙම වැඩසටහනේදී ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂයධාරා 06 යටතේ ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු බැගින්, සිසුන් 361 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් පිරිනැමීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36.1කි. මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙහි පළමු පියවර උතුරු පළාතෙන් ආරම්භ කර ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading