ඉලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

සමාජ මාධ්‍ය ජාලා හිමිකරු සහ ඇමෙරිකානු ව්‍යාපාරික එලෝන් මස්ක් විසින් ඇමෙරිකානු පක්ෂය (America party) නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර ඇත.

මස්ක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ අමෙරිකානුවන්ගේ යහපත් අනාගතයක් වෙනුවෙන් තමන් නව දේශපාලන පක්ෂය ආරම්භ කළ බවයි.

මස්ක් පවසන ආකාරයට ඇමෙරිකාවේ ද්වි පක්ෂ ක්‍රමය බිඳ වැටී ඇති අතර එය සනාථ කිරීම සඳහා ඔහු නව පක්ෂය පිහිටුවා ඇත. පාලකයින් නාස්තියෙන් හා දූෂණයෙන් බංකොලොත් කළ රට තුළ ජනතාව ජිවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමිව ඇති බැවින් ජනතාවගේ නිදහස් උදෙසා නව පක්ෂය පිහිටවූ බව X සමාජ මාධ්‍ය ඔස්සේ පොස්ට් එකක් පල කර ඔහු සඳහන් කොට ඇත. එහි මෙසේ සඳහන් වේ.
“When it comes to bankrupting our country with waste & graft, we live in a one-party system, not a democracy.

“Today, the America Party is formed to give you back your freedom.”

මස්ක් X හි ඔස්සේ පරිශීලකයින්ගෙන් මත විමසුමක් පළ කර තිබූ අතර එහි සඳහන් කර තිබුණේ එක්සත් ජනපදයට නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය ද යන්නයි. නමුත් එම පක්ෂය එක්සත් ජනපද මැතිවරණ කාර්යාලයේ නීත්‍යනුකුල ආකාරයට ලියාපදිංචි කළ පක්ෂයක්ද යන්න පිළිබඳව වාර්තා නොවේ.

ඇමෙරිකානු පක්ෂ දේශපාලනය දෙස බැලූ විට පෙනී යන කාරණයක් වන්නේ සාම්ප්‍රදායික ද්වි-පක්ෂ ක්‍රමයෙන් පිටත ඉහළ තරඟකාරීන් සිටියද, ප්‍රධාන පක්ෂවලට සැබෑ තර්ජනයක් එල්ල කිරීමට තරම් ශක්තිමත් හෝ ඒ සඳහා වන ජනප්‍රියත්වයක් ලබා ගැනීම ඔවුන්ට අපහසු වී ඇත. ඇමෙරිකානු පක්ෂ දේශපාලනය දෙස බැලූ විට පෙනී යන කාරණයක් වන්නේ සාම්ප්‍රදායික ද්වි-පක්ෂ ක්‍රමයෙන් පිටත ඉහළ තරඟකාරීන් සිටියද, ප්‍රධාන පක්ෂවලට සැබෑ තර්ජනයක් එල්ල කිරීමට තරම් ශක්තිමත් හෝ ඒ සඳහා වන ජනප්‍රියත්වයක් ලබා ගැනීම ඔවුන්ට අපහසු වී ඇත. එය පසුගිය ජනාධිපතිවරණයේදී ඉතා හොඳින් දක්නට ලැබුණු කාරණයක් වන අතර, ලිබර්ටේරියන් පක්ෂය (Libertarian Party), හරිත පක්ෂය (Green Party) සහ මහජන පක්ෂය (People’s Party) වැනි පක්ෂ අපේක්ෂකයින් ට්‍රම්ප් හෝ ඔහුගේ ප්‍රතිවාදියා වන ඩිමොක්‍රටික් පක්ෂයේ කමලා හැරිස් ජයග්‍රහණය කිරීම වැළැක්වීමට දැනෙන ආකාරයේ තරඟයක් නොතිබිණි.

කෙසේ වුවද මෙම තත්ත්වය තුළ මස්ක්ගේ දේශපාලන ගමන තීරණාත්මක වනු ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading