තමන්ගේම පාක්ෂිකයන් විරුද්ධ වෙද්දී ට්‍රම්ප් ‘Big, Beautiful Bill’ අත්සන් කරයි…

මේ යුගයේ ඛේදවාචකය වන්නේ සංහාරයන්ගේ උපකරණ සංදර්ශන උපකරණ බවට පත් වීමයි.

ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ටත්වයට පත් කිරීමේ න්‍යාය පත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානීය පනත වන “Big Beautyful Bill” පනත නීතියක් ලෙස ඊයේ (4) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවා.

පසුගිය බ්‍රහස්පතින්දා මේ සඳහා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබුණු අතර රිපබ්ලිකන්වරුන් දෙදෙනෙකු සහ විපක්ෂයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් 212 දෙනා මිට විරුධව ඡන්දය ප්‍රකාශ කර ඇත. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 218 ක්ද විපක්ෂව 214 ලෙස ලැබී ඇති අතර ඒ අනුව පනත සම්මත විය.

ඊයේ සවස ධවල මන්දිරයේ පැවති අත්සන් තැබීමේ උත්සවය සහ නිදහස් උත්සවය බදු කප්පාදුව, ආරක්ෂක වියදම් වැඩි කිරීම් සහ සංක්‍රමණය සහ සංක්‍රමණිකයන් මර්දනය ඇතුළු ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයේ වන ප්‍රබල සහ ප්‍රධානම කාරනා සහ අරමුණු බලාත්මක කිරීම මේ පනත හරහා සිදු වනු නිසැකය. 2017 බදු කප්පාදු ස්ථිර කිරීම, තාවකාලික බදු අඩු කිරීම්, දේශසීමා සහ ජාතික ආරක්ෂාව සඳහා ඩොලර් බිලියන ගණනක් වෙන් කිරීම, රැකියා පනතේ ඇතුළත් තනි පුද්ගල සහ ව්‍යාපාරික බදු සහන ස්ථිරවම ස්ථාපිත කිරීම, tips සහ අතිකාල වැටුප් සඳහා වන තීරුබදු කපා හැරීම සඳහා නව බදු අඩු කිරීම් සහ අත්‍යවශ්‍ය වියදම් කප්පාදු වැනි ඇතුළත් වන අතර ඔහුගේ ඡන්ද පොරොන්දු කිහිපයක් ද මේ හරහා ඇත්ත වනු ඇත.

ට්‍රම්ප්ගේ උමතු බව සහ යුධ උන්මාදයේ ලැදියාව පෙන්වමින්, මෙම නීතිය ප්‍රකාශයට පත් කිරීමට පෙර, ඉරානයේ මෙහෙයුම්වලට ද භාවිතා වූ B-2 (American heavy strategic bomber) උපාය මාර්ගික අධිබරැති බෝම්බ හෙලන ගුවන් යානා යුගලයක් හා ඒවාට අමතරව F-35 සහ F-22 ලෙස හැඳින්වෙන අතිනවීන යානා පියාසර කිරීමක් ද සිදු විය. එසේම ඉරානයේ න්‍යෂ්ටික ආයතන තුනකට ගුවන් ප්‍රහාර එල්ල කළ ගුවන් යානා නියමුන් සඳහා වූ හමුදා සාදයක්ද පවත්වා ඇත. මේ වනාහී ගෝලීය යුද්ධයේ සැබෑ හිමිකරුවන්ගේ සහ වගකිවයුත්තන්ගේ රණපරමවාදයයි. මේ යුගයේ ඛේදවාචකය වන්නේ සංහාරයන්ගේ උපකරණ සංදර්ශන උපකරණ බවට පත් වීමයි.

මෙම අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සහායකයින්ට පවසා ඇත්තේ මෙම පනත හරහා ඇමෙරිකාවේ “දැවැන්ත ආර්ථික වර්ධනයට ඉන්ධන සපයන” සහ “මේ රට පවත්වාගෙන යන වෙහෙස මහන්සි වී වැඩ කරන පුරවැසියන් නඟා සිටුවන” බවයි. එසේම ට්‍රම්ප් මෙහිදී පවසා සිටියේ “අපි නිල වශයෙන් බදු කප්පාදු ස්ථිර කර තිබෙනවා. ඒ අපේ රටේ ඉතිහාසයේ විශාලතම බදු කප්පාදුවයි. මෙය ආරම්භ වූ පසු, අපේ රට ආර්ථික වශයෙන් රොකට් නෞකාවක් සේ වනු ඇත. අපි අපගේ ශ්‍රේෂ්ඨ වැඩිහිටියන් සඳහා ටිප්ස් සඳහා කිසිදු බද්දක්, අතිකාල සඳහා කිසිදු බද්දක් සහ සමාජ ආරක්ෂණය සඳහා කිසිදු බද්දක් ලබා දී නැත. එය ඇමරිකානු පවුල් මිලියන 40 ක් සඳහා ළමා බදු සහනය ස්ථිර කරයි. ඇමරිකාවේ ස්වර්ණමය යුගය අප වෙත පැමිණ තිබේ.” යනුවෙනි.

ඔහුගේම රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයින් කිහිපදෙනෙක් මෙම පනතට එරෙහි වූ අතර ඔවුන් පවසා ඇත්තේ මෙමගින් අමෙරිකාවේ ණය තත්ත්වය තවදුරටත් වඩාත් වේගවත් සහ නරක අතකට හැරෙනු ඇති බවයි. එසේම මේ පිළිබඳව ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප්ගේ අලුත් නිතිය පිළිබඳව අනතුරු අඟවමින් සඳහන් කර ඇත්තේ මෙය ධනවත් පිරිසට වාසිදායක වන අතර දුප්පත් ජනතාවට දඬුවමක් ලෙස බලපානු ඇති බවයි.

පිටු 870කින් යුත් මේ පනතේ ඇතුළත් කාරණා වලින් පහත ඒවා ඉතා වැදගත් වේ.

  • 2017 ට්‍රම්ප් රජය සමයේ පැනවූ නවූ බදු අඩුකිරීම් දිර්ග කිරීම.
  • Medicaid ලෙස හැඳින්වෙන, අඩු ආදායම් සහ අබාධිත පුද්ගලයින්ට පිරිනමන රාජ්‍ය සෞඛ්‍ය සේවා ක්‍රමයේ වියදම් කප්පාදු කිරීම.
  • යෝජනා කල නව බදු සහනයන් – Tips, අතිකාල වැඩ සහ වයස්ගත පුරවැසියන් සඳහා සමාජ ආරක්ෂණය.
  • ආරක්ෂක ව්‍යාපෘති සඳහා වාර්තාගත ලෙස අමතර ඩොලර් බිලියන 150ක අයවැය වැඩි කිරීම.
  • බයිඩන් රජය යටතේ ලැබුණු පරිසර හිතකාමී බලශක්ති බදු සහන කප්පාදු කිරීම.
  • Immigration and Customs Enforcement (ICE) සඳහා ඩොලර් බිලියන 100ක් වෙන් කිරීම.

බදු ප්‍රතිපත්ති මධ්‍යස්ථානයට අනුව (Tax Policy Center), පනත් කෙටුම්පතේ බදු වෙනස්කම් අඩු ආදායම්ලාභීන්ට වඩා ධනවත් ඇමරිකානුවන්ට ප්‍රතිලාභ ලබා දෙනු ඇති අතර, ප්‍රතිලාභවලින් 60% ක් පමණ ඩොලර් 217,000 (£158,000) ට වඩා උපයන අයට ලැබෙනු ඇති බව එහි විශ්ලේෂණයෙන් හෙළි වී ඇත.

Author

Related Posts