ගොවි අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා ගොවි ජනතාව එක්ව වීදි බැසීමට කාලය එළඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා. අනුරාධපුරේදී ඊයේ (3) පැවති රාමඤ්ඤ මහ නිකායේ උපසම්පදා විනය කර්ම වැඩසටහනකට වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
රාමඤ්ඤ මහ නිකායේ 74 වැනි උපසම්පදා විනය කර්ම වැඩසටහන යටතේ සාමණේර ස්වාමීන් වහන්සේ 400 නමකගේ උපසම්පදා පිංකම අනුරාධපුරයේදී සිදු කෙරුණු අතර එම උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එක් වුණා.
ඔහු එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ රජය ගොවි ජනතාව නන්නත්තාර කර ඇති බවයි. “ප්‍රමිතියෙන් ඉහළ බීජ ටික ලැබෙන්නේ නෑ. කලට වේලාවට පොහොර ලැබෙන්නේ නෑ.. තමන්ගේ නිෂ්පාදන වලට ස්ථාවර මිලක් ලබා දෙන්න මේ රජය අසමත් වෙලා තියෙනවා.” වත්මන් රජයේ රජයේ ඉන්න අය විපක්ෂයේ ඉද්දී ස්ථාවර මිල අණ පනත් වලින් නීති ගත කරනවා යයි පැවසුවද දැන් ඒ පිළිබඳව කතා නොකරන බව විපක්ෂ නායක වරයා පවසයි.
වර්තමානයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්රය බාරව සිටින බලවතුන් වඳුරන් සහ රිලව් පස්සේ දුවමින් විශාල මුදලක් වැය කර විවිධ සංගණන අවිද්‍යාත්මකව ක්‍රියාත්මක කරමින් සිටින බවත් එය ඔවුන්ගේ විනෝදාංශය වී ඇති බවත් ඔහු සඳහන් කළා.
බත් කන රටේ නායකයෙක් හිටියොත් කිසිම දවසක පිටරටින් සහල් ගෙන්වන්නේ නැතැයි පැවසුවද, වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව සහල් මෙට්‍රික් ටොන් 40000කට වැඩි ප්‍රමාණයක් පිට රටින් සහල් ගෙන්වන්නට කටයුතු කරන බව ඔහු සඳහන් කළා. එදා ලස්සන ජීවිතයක්, පොහොසත් රටක් නිර්මාණය කරන බව කියූ කණ්ඩායම අද ජනතාවගේ ජන ජිවිත පහළට වට්ටලා තියෙනවා යයි සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ඔවුන් ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරියටත් හඬ නගන බවත් ගොවි ජනතාවට සමගි ජන බලවේගය සමග එක්වීමට කාලය එළඹී ඇති බවත්ය. එහිදී ඔහු සඳහන් කර සිටියේ ගොවිජනතාවටත් ඔවුන් සමග එකට එකතු, හැමෝම අත්වැල් බැඳගෙන ගොවියාගේ අයිතිය සුරක්ෂා කරන්නට මහා පාරට බහින්න අවශ්‍ය බවයි. සමගි ජන බලවේගය විසින් ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාව වෙනුවෙන් ඒ යුතුකම අපි මෙරට ඉටු කිරීමට කැප වෙන බවද සජිත් ප්‍රේමදාස සඳහන් කළා.
මේ වන විට රටේ ජනතාවට සත්‍ය යථාර්තය අවබෝධ වී ඇති බවත් තව නොබෝ කලකින් සත්‍ය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.
