පුනරුද යුගයකට අවශ්‍ය කරන මානව සම්පත බිහි කරන්නට අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කරනවා…

“ග්‍රාම මෙහෙයුම” ජාතික නිල සමාරම්භක වැඩසටහන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද(4) ගම්පහ කාර්මික විද්‍යාලයේදී පැවැත්විණි. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන වෘත්තීය අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගත් මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවයට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ නලින් හේවගේ යන මන්ත්‍රීවරු සහභාගී විය.
මෙහිදී කාර්මික විද්‍යාලයේ සිසුන් අමතමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේ ආණ්ඩුවේ අරමුණ වන්නේ රටේ තිබෙන සම්පත් ඉහළම උපයෝගීතාවයකින් පාවිච්චි කිරීම බවයි. අධ්‍යපන ක්‍රමයේ ලොකු වැරද්දක් තිබෙන බව සඳහන් කරමින් ඔහු සඳහන් කළේ
දරුවෙක්ගෙන් මොකද්ද ඔබේ අරමුණ කියා ඇහුවොත් ඔවුන් My ambition is to be a Doctor, Nurse Engineer, Teacher ආදී වශයෙන් පිළිතුරු දෙනු ඇත. නමුත් කොතනකවත් My ambition is to be a plumber, Automobile technician නැත්නම් කාර්මිකයෙකු බවට පත් වෙනවා යයි අසන්නට නොලැබේ. ඒ ආකල්ප වල ඉඳලාම මෙය සංවර්ධනය කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

කාර්මික ක්ෂේත්‍රය හරහා රටේ දැවැන්ත පරිවර්තනයක් කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරන බව වෘත්තීය අධයාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ ප්‍රකාශ කළා. එසේ කිරීමට නම් මෙය නවීකරණයට සහ නූතන කරණයට ලක් විය යුතු බව ඔහු සඳහන් කළා. ත්‍රිවිධ හමුදාවේ සහය මේ වැඩසටහන් සඳහා දායක කරගත් බවත් කාර්මික විද්‍යාලය වැනි ස්ථාන ඉතා අලංකාරවත්, නූතන තාරුණ්‍යට ගැළපෙන ස්ථාන බවට පත් කිරීමට අද සිට කටයුතු කරන බවත් වෘත්තීය අධයාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සම්බන්ධ වූ අතර ඇය ප්‍රකාශ කළේ අධ්‍යාපනයක් වෙනස් කිරීම යනු පොඩි වැඩක් නොවන බවයි. එය විෂය මාලාවක් වෙනස් කිරීමට එහා ගිය දැවැන්ත වැඩක් බව ඇය සඳහන් කළා. ඒ දැවැන්ත වැඩේ තුළ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව දැනුවත්ව කරන තොරාගැනීමක් බවට පත් කිරීම පාසල් අධ්‍යාපනය තුළින්ම ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බව හරිනි අමරසුරිය ප්‍රකාශ කළා.

පුනරුද යුගයකට අවශ්‍ය කරන මානව සම්පත බිහි කරන්නට සහ මානව සම්පත දියුණු කරන්නට අධ්‍යාපන ක්‍රමය තුළ ආණ්ඩුව ආරම්භ කර ඇති විශාල වැඩ කොටසෙන් වැදගත්ම ක්ෂේත්‍රයක් බවට වෘත්තීය අධ්‍යාපනය ස්ථානගත වීමට නියමිත බව අගමැතිවරිය ප්‍රකාශ කළා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading