මාලිමා ආණ්ඩුව ඩීල් දාන්න පටන් අරන්, රු. ලක්ෂ 507ක බරපතළ මූල්‍ය වංචාවක්… වසන්ත මුදලිගේ හෙළි කරයි…

ආණ්ඩුවට ඉෂාර නනායක්කරත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද?

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ටෙන්ඩර් කැඳවීමකදී සිදූ වූ රුපියල් ලක්ෂ 507ක බරපතළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හෙළි කිරීමට ජන අරගල  ව්‍යාපාරය ඊයේ(3) දින කොටුව ගුරු මැදුරේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී, ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ආණ්ඩුව ඉන්දියානු සමාගම් සමග හදන්න යන ඩිජිටල් හැඳුනුම් පත සම්බන්ධයෙන්, එහි ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධයෙන් සහ ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීමෙන් පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල මේ සඳහා හදන යුනිට් සකස් කිරීමට අදාළ උපකරණ ගෙන්වීමේදී මුදල් අවභාවිතා කිරීමේ අක්‍රමිකතා හා බරපතල ගැටළු ගණනාවක් මතු වී ඇති බවයි.

ඩිජිටල් හැඳුනුම්පත (E හැදුනුම්පත) හඳුන්වා දීමෙන් පසුව, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල මේ හැදුනුම්පත හඳුනාගැනීම සඳහා එසේත් නැත්නම් Scan කිරීම සඳහා සකස් කරන යුනිට් එකකට විදුලිය ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්ලග් බේස් එකක් ඉදිකිරීමට 2025.04.29 දින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය මගින් ටෙන්ඩර් කැඳවීමක් කර ඇත.

ඒ සඳහා ඔවුන් ප්ලග් 8 ක් සහිත වයර් කෝඩ් එකක්, එය බිත්තියට සවි කිරීම සඳහා ප්ලග් ටොප් එකක් සහ ආවරණය කිරීම සඳහා ප්ලාස්ටික් බොක්ස් එකක් සහිත සම්පූර්ණ කට්ටලයක් තමයි ඇණවුම් කර ඇති බව මුදලිගේ පවසයි. ඒ අනුව ලංකාව පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා මෙවැනි ප්ලග් බොක්ස් 700ක් මේ ඕඩරයට ඇතුළත් කර ඇත. ලැබී තිබෙන තොරතුරු අනුව මේ සඳහා ආයතන 8ක් ලංසු ඉදිරිපත් කර ඇති අතර මේ ආයතන විසින් ප්ලග් 8ක් සහිත මීටර් 10ක් දිග වයර් කෝඩ් එකක් රුපියල් 25,700, රුපියල් 83,000, රුපියල් 14,800, රුපියල් 18,300, රුපියල් 72,517 සහ රුපියල් 5890 වශයෙන් විවිධ මිළගණන් මේ සඳහා ඉදිරිපත් කර ඇත. ආණ්ඩුව  මෙවැනි ටෙන්ඩර් කැඳවීමකදී අවම ලංසුවට සහ ආණ්ඩුව ඉදිරිපත් කර ඇති කොන්දේසි සපුරාලන ආයතනයට හෝ පුද්ගලයාට ලබා දිය යුතු වුවද  අදාළ ටෙන්ඩරය ලබා දී ඇත්තේ රුපියල් 72,517ක ලංසුව ඉදිරිපත් කළ Browns Engineering & Construction සමාගමටයි. මේ සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගත් බවට අනෙකුත් සාමාගම් වෙත අමාත්‍යංශයෙන් දන්වමින් ලිපියක්ද යවා ඇත. වසන්ත මුදලිගේ විසින් මෙහිදී අසා සිටියේ ආණ්ඩුව මේ ටෙන්ඩරය තෝරන ලද පදනම කුමක්ද යන්නයි.

වසන්ත මුදලිගේ විසින් මෙහිදී අසා සිටියේ ආණ්ඩුව මේ ටෙන්ඩරය තෝරන ලද පදනම කුමක්ද යන්නයි. ටෙන්ඩරයෙන් තෝරා ගන්න සමාගම විසින් මෙම උනිට් එකට අදාළ ප්ලග් බේස් ඇතුළු උපකරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 700කට බෙදා හැරීමද සිදු කළ යුතුය.

මෙහිදී නිසැකවම අත යට ගණුදෙනුවක් සමග මෙය සිදු වී ඇති බව වසන්ත මුදලිගේ ප්‍රකාශ කළා. මෙම බ්‍රවුන්ස් එනිජිනියරින් පුද්ගලික සමාගම ඉෂාර නානායක්කාරට අයත් ව්‍යාපාරයකි. ඔහු පසුගිය කාලය මාලිමා ආණ්ඩුවේ ප්‍රබලයින් සමග බොහොම කිට්ටු සම්බන්ධතා පැවත් වූ බවත් අදාළ ටෙන්ඩරය අනුව රුපියල් 72,517 බැගින් ප්ලග් බොක්ස් 700ක් සඳහා රුපියල් ලක්ෂ 507ක් ඉෂාර නානායක්කාරගේ සමාගමට ගෙවීමට ආණ්ඩුව සූදානම් වන බව මුදලිගේ වැඩි දුරටත් සඳහන් කළා.

මෙය අත යට ගනුදෙනුවක් ලෙස සිදු වූයේ යයි පැවසීමට හේතු වන කරුණු කිහිපයක්ද මුදලිගේ විසින් ඉදිරිපත් කරන ලදී. ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකම තාක්ෂණික නිළධාරියෙක් සිටින අතර එම ආයතනයේ බලබ් එකක් පිච්චෙන තැන සිට පරිගණක, වාහන වල දෝෂ ඇතුළු සියලු තාක්ෂණික කටයුතු භාරව සිටින්නේ මේ නිළධාරියාය. එලෙස තාක්ෂණික නිලධාරීන් නොඑසේනම් ප්‍රාමාණික දැනුමක් සහිත මිනිසුන් සිටියදී ආණ්ඩුව විසින් රුපියල් රුපියල් 72,517 වැනි මුදලකට ප්ලග් බේස් මිලදී ගැනීමට Browns Engineering & Construction ටෙන්ඩරය පිළිගෙන ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිටින තාක්ෂණික නිළධාරියාට මෙම ප්ලග් බේස් එකක් සකස් කර ගැනීමේ හැකියාව නැද්ද යන්න මුදලිගේ ආණ්ඩුවෙන් අසයි.

තාක්ෂණ නිළධාරියා ලවා හදාගන්න පුළුවන් කම තියෙද්දීත් එය නොකිරීම සහ එවැන්නක් සකස් කිරීමට සාමාන්‍යයෙන් එතරම් මුදලක් වය නොවන නිසා මෙය අතයට ගණුදෙනුවක් බව ඔහු සඳහන් කරයි. මාධ්‍ය හමුව පැවැත්වීමට පෙර විදුලි උපකරණ විකුණන තැනකට ගොස් මෙවැනි ප්ලග් බොක්ස් එකක් සකස් කිරීමට කොපමණ මුදලක් වය වන්නේද යන්න සොයා බලා ඇත. ඒ අනුව ප්ලග් බේස් 8ට එකක් රුපියල් 700 බැගින් රුපියල් 5600ක් ද, වයර් මීටර් 5ට රුපියල් 1000ක්ද ප්ලග් ටොප් එකක් රුපියල් 400ක්ද සහ ප්ලාස්ටික් පෙට්ටියක් රුපියල් 4000ක් වන අතර සම්පූර්ණ කට්ටලයම රුපියල් 11,000කට හදා ගත හැකියි. ආණ්ඩුව කියන ආකාරයට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට මේ කට්ටළය ප්‍රවාහනය කිරීම සඳහා යන වියදමත් මීට ඇතුළත් කර ඇති නිසා ලංකාවේ දුරම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය වන යාපනයට ප්‍රවාහනයට රුපියල් 20000 ක් වැය වුවද රුපියල් 31,000කින් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයක් දක්වා වුවද මේ උපාංග ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇති බව මුදලිගේ සඳහන් කළා.

ආණ්ඩුව සකස් කළහොත් මේ එක කට්ටළයක් සඳහා වියදම රුපියල් 11,000ක් බැගින් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල 700ටම මේ සඳහා වැය වෙන්නේ රුපියල් ලක්ෂ 77ක් පමණයි. ඒ අනුව මෙලෙස ලක්ෂ 77ක වියදමින් සිදු කළ හැකි ව්‍යාපෘතියකට ආණ්ඩුව විසින් Browns Engineering සමාගමට රුපියල් ලක්ෂ 507ක් දී ඇති බව මුදලිගේ වැඩි දුරටත් සඳහන් කළා. එසේනම් මෙය අත යට ගණුදෙනුවක් හා නාස්තිකාර වියදමක් නොවේදැයි ඔහු විමසා සිටී. ආණ්ඩුව නාස්තිකාර වැඩ නොකරන බවත්, ඩීල් නොදාන බවත් කියා බලයට පැමිණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළ කරගත හැකි වැඩක් සඳහා රුපියල් ලක්ෂ 507ක් කුට්ටිය පිටින්ම සමාගමකට දී ඇත.

මෙලෙස මෙම ටෙන්ඩරය කිසිදු පදනමකින් තොරව ඉෂාර නානායක්කාරගේ සමාගමට දීමට තරම් ආණ්ඩුවට ඉෂාර නානායක්කාර එක්ක තියෙන ඩීල් එක මොකක්දැයි වසන්ත මුදලිගේ විමසා සිටියා.

රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා මෙවැනි දේ කරද්දී බරපත ලෙස විවේචනය කළ අතර මහින්දලාගේ සහ රනිල්ලාගේ අඩුපාඩු ටික කියමින් මේ ආණ්ඩුව බලයට පැමිණියහ. එසේ කියමින් පැමිණි ආණ්ඩුව ඉෂාරලත් එක්ක මේ කරන්නේ ඩීල් නොවේදැයි වසන්ත මුදලිගේ අසයි.
එසේම මීට ටික කලකට පෙර හිඟුරාන තේ කර්මාන්ත ශාලාව ආශ්‍රිතව එතනෝල් බලපත්‍රයක් ඉෂාර නානායකාරට දී ඇති බවටද තවත් චෝදනාවක් සිදු කරන ලදී. ආණ්ඩුව ව්‍යාපාරික කටයුතු සඳහා මැදිහත් වීම ගැටළුවක් නොමැති නමුත් මෙලෙස සිදු කිරීමට ඉෂාර සමග ආණ්ඩුවට ඇති යාලු කම කුමක්දැයි ඔහු අසයි.

රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා මෙවැනි දේ කරද්දී බරපතල ලෙස විවේචනය කළ අතර මහින්දලාගේ සහ රනිල්ලාගේ අඩුපාඩු ටික කියමින් මේ ආණ්ඩුව බලයට පැමිණියහ. එසේ කියමින් පැමිණි යම ඉෂාරලත් එක්ක මේ කරන්නේ ඩීල නොවේදැයි වසන්ත මුදලිගේ අසයි.
එසේම මීට ටික කලකට පෙර හිඟුරාන තේ කර්මාන්ත ශාලාව ආශ්‍රිතව එතනෝල් බලපත්‍රයක් ඉෂාර නානායකාරට දී ඇති බවටද තවත් චෝදනාවක් සිදු කරන ලදී. ආණ්ඩුව ව්‍යාපාරික කටයුතු සඳහා මැදිහත් වීම ගැටළුවක් නොමැති නමුත් මෙලෙස සිදු කිරීමට ඉෂාර සමග ආණ්ඩුවට ඇති යාලු කම කුමක්දැයි ඔහු අසයි.

නමුත් මෙලෙස ආණ්ඩුව නාස්ති කරන්නේ ජනතාවගේ මුදල් බවත් තෙල් මිල වැඩි වෙද්දී, බස් ගාස්තු අඩු වෙනවා කියා බොරු කියද්දී, විදුලි මිල වැඩි වෙද්දී පාසල් උපකරණ වක මිල වැඩි වෙද්දී ඒවයෙන් එකතු කර ගන්නා බදු මුදල් ටික ඉෂාර නානායක්කාරලාට ලබා දෙන බවත් පවසයි. මෙය වැරදි නාස්තිකාර ක්‍රමවේදයක් වන අතර විනිවිදබාවයකින් තොර ඩීල් දේශපාලනයයි.
ඇල්වතුරත් නිවල බොන, රහසින්වත් පව් නොකරන ආණ්ඩුව පටන් ගනිද්දිම මාස 8න් මෙහෙම නම් තව අවුරුදු 2ක් 3ක් යද්දී ඉතාම නරක අතරට හැරෙනු ඇති අතර මේ පිළිබඳව ජනතාව විසින් කල්පනා කල යුතු බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

ආණ්ඩුව මේ ආකාරයට අත යටින් දී ඇති මෙම ටෙන්ඩරය අහෝසි කළ යුතු බව වසන්ත මුදලිගේ අවධාරණය කර කියා සිටියා.

මේ පිළිබඳව විමසීමට What News අපි ඩිජිටල් ආර්ථික අමත්‍යංශය ඇමතීමට උත්සාහ කළද උත්සාහය ව්‍යවර්ථ විය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading