බැංකුවලින් ණය ගැනීමේදී ඇප ලෙස පවරා තිබෙන දේපළ ණය ගෙවීම පැහැර හැරියහොත් එම දේපළ පවරා ගැනීමේ බලය හිමිවන ‘පරාටේ’ නීතිය බල ගැන්වීමේ දී සානුකම්පිතව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශය බැංකු සංගමයට උපදෙස් දුන් බවත්, මෙරට ආර්ථිකය පිළිබඳ ව වගකිවයුතු ආණ්ඩුවක් කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් බැංකු වලට ලිඛිත නියෝගයක් දීම බවත්, ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා ඊයේ (2) ප්‍රකාශ කර සිටියා.
ඒ මහතා එම අදහස දැක්වූයේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුලු නියෝජිතයන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අතර පැවැති විශේෂ සාකච්ඡාව දී අදහස් දක්වමිනුයි.
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැකගැනීමට නම් ‘පරාටේ’ නීතිය තවදුරටත් අත්හිටුවීම සහ ණයගැතියන්ගෙන් මුදල් අයකර ගැනීමේ දී දේපළ පවරා ගැනීම සම්බන්ධයෙන් බැංකුවලට දී ඇති බලය අවම කරන ලෙස එහි දී ඉල්ලා සිටි බවත්, එම රැස්වීමට සහභාගී වූ ආණ්ඩුවේ නියෝජිතයන් බැංකු නියේජිතයන් හමුවේ බැගෑපත් වී ඇති බවත් සුසන්ත ලියනාරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ව්‍යාපාරිකයන් මුහුණ දී සිටින සිටින තත්ත්වය තේරුම් ගෙන සාධනීය පිළිතුරක් ආණ්ඩුව පාර්ශ්වයෙන් ලැබේ යැයි විශ්වාස කළ ද, එවැනි උත්සහයක් ආණ්ඩුවේ නියෝජිතයන් වෙතින් දැකිය නො හැකි වූ බව පැවසූ ඒ මහතා දේපළ අත්පත් කර ගැනීමේ දී සානුකම්පිතව කටයුතු කරන ලෙස පමණක් බැංකු වලින් ඉල්ලා සිටි බව ද සඳහන් කර සිටියේ 2022 වසර වන විට කර්මාන්ත 1,017,000 ක් පැවති නමුත් ආර්ථිකය කඩා වැටීමත් සමග කර්මාන්ත 263,000 ක් වසා දැමීමට සිදු වූ බවත්, එසේ වසා දැමුණු ආයතනවලට ණය ගෙවීමට නො හැකි වූයේ, ඔවුන්ගේ වරදක් නිසා නොවන බවත් කරුණු වශයෙන් පෙන්වා දෙමින්.
කෙසේ නමුත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම හරහා යමෙකුට හෝ යම් ව්‍යාපාරිකයෙකුට ගැටලු මතු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් විසඳුම් ලබා දීමට අවධානය යොමු කරන බවයි.
