ස්ටාර් ලින්ක් අන්තර් ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බව ස්පේස් එක්ස් හිමිකරු ඉලෝන් මස්ක් පවසනවා
සිය X ගිණුමේ සටහනක් තබමින් ඉලෝන් මස්ක් පවසා ඇත්තේ,ස්ටාර් ලින්ක් අධිවේගී අන්තර්ජාල සේවාව දැන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවයි.
සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2024 අගෝස්තු 14 වනදා කටයුතු කළා.
අනතුරුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව සතියක නිරීක්ෂණ කාලයකින් පසුව, මෙම අන්තර්ජාල සේවාව ලබා දෙන ආකාරය අධීක්ෂණයට ලක් කර අතර එහි සේවා පිරිනැමීම පුළුල් කිරීම සඳහා Starlink වෙත බලය පැවරීමට කටයුතු කර තිබෙනවා.
