ශ්‍රී ලංකාවට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක්

IMF සිව්වන සමාලෝචනයට අනුමැතිය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මගින් මෙරටට හිමිවන මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකම විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කර ඇති බව එහි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා නිවේදනය කර ඇත.

ඒ අනුව IMF ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් හිමිවනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර ඇත.

අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරමින් මූල්‍ය හා ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම, මිල හා මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, බාහිර කම්පනවලට ඔරොත්තු දීමට සහ එහි ජාත්‍යන්තර මූල්‍ය බැඳීමේ කළමනාකරණය කිරීමට ඇති හැකියාව ශක්තිමත් කිරීම ඇතුළු ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහය වීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව මේ දක්වා ලබා දී ඇති මුළු IMF මුල්‍ය ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7 දක්වා ඉහල යනු ඇත.

Author

Related Posts