ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් තායිලන්ත අගමැතිනිය පේටොංටාර්න් ෂිනවත්‍රාගේ ධූරය අත් හිටුවා තිබෙනවා. අගමැතිවරයා විසින් වංකභාවය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සෙනෙට් සභිකයින් 36 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් පිළිගනිමින් මෙලෙස සිදු කර ඇත. ඇයගෙන් පුරප්පාඩුවන අගමැති ධුරය සඳහා සූරිය ජුවාන්ග්‍රූන්ග්‍රූන්කිට් එරට වැඩබලන අගමැති ධුරය සඳහා පත් කර ඇත.
අධිකරණය පෙටොංටාර්න්ට එරෙහි නඩුවේ තීන්දුවක් ලබා දෙනු ඇති අතර, ඇයට ඒ සඳහා නිදහසට කරුණු දැක්වීම දින 15 ක් ඇත. කෙසේ වුවද කැබිනට් සංශෝධනයකින් පසුව නව සංස්කෘතික අමාත්‍යවරයා ලෙස පේටොංටාර්න් කැබිනට් මණ්ඩලයට පත් වනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
38 හැවිරිදි පේටොංටාර්න් තායිලන්තයේ ලාබාලතම නායිකාව වන අතර ඇගේ නැන්දනිය වූ යින්ලක් ෂිනවත්‍රාට පසු අගමැති ධුරයට පත් වූ දෙවන කාන්තාවද ඇය වේ.
මේ මස මුලදී කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමඟ කතා කරන දුරකථන ඇමතුමක හඬ පටයක් ප්‍රසිද්ධියට වීමෙන් පසු ජනතාව ලක්ෂ ගණනින් විදී බස උද්ගෝෂණය කරන්නට විය. හිටපු තායිලන්ත අගමැති තක්ෂින් ශිනොවත්‍රාගේ දීර්ග කාලින සතුරෙකු ලෙස සැලකෙන කාම්බෝජ හිටපු අගමැති හුන් සෙන් සමග පක්ෂපාතිව කටයුතු කිරීමට මීට ප්‍රධාන හේතුවක් වී ඇත. පසුගිය 28 වනදා බැංකොක් නගරයට රැස්වූ විරෝධතාකරුවන් තායි කොඩි ඔසවමින් අගමැතිනියගේ අන්වර්ථ නාමය භාවිතා කරමින් “උං ඉන්ග්, ඉවත්වනු!” යනුවෙන් සටන් පාඨ කියා ඇත. සමහරු ඇය ජාතිය පාවා දුන් බවට චෝදනා කරමින් “ද්‍රෝහී අගමැති” ” අගමැති කම විකුණුවා” යනුවෙන් පුවරු අල්ලාගෙන සිටියහ.
