හිරුණිකා ඇතුළු පිරිසට අදාළ වීදි නාට්‍ය නඩුව කල් යයි…

2023 වසරේ දී කොළඹ නිදහස් චතුරස්‍රය අසල මං මාවත් අවහිර කරමින් වීදි නාට්‍යයක් පැවැත්වීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීමට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනාට එරෙහිව ගොනු කර තිබූ නඩුව දෙසැම්බර් මස 08 වන දින යළි කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (30) නියම කර ඇත.
ඒ මෙම පැමිණිල්ල ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවය.

ඒ අනුව පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා නැවත කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් පොලිසියට දැනුම් දුන්නාය.

රාජකාරියේ නිරතව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අන්දමින් වීදි නාට්‍යයක් පවත්වා මහජන පීඩාවන් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චාන්දනී කුසුමලතා සහ සඳරුවනි රොද්‍රිගු නයනා නිලන්ති, මනුනාථ ජයවීර, සිරෝමනී පියදර්ශනී, නිරූපා අයිරාංගනී, නිරූපා අතු කෝරළ වයි. ධනුෂිකා, පුෂ්පා රංජනී, දිනූෂා දීප්ති, අනුරාධා රාජිනී, ශ්‍රියා කුමාරී, එස් ලලිතා, තක්ශිලා නිකලස් අධිකරණයේ පෙනී සිට ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading