“ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්න” යනුවෙන් මහින්ද රාජපක්ෂ විසින් මල්වතු නාහිමියන්ට පවසා ඇති බව පසුගියදා සමාජය තුළ බොහෝ ලෙස කතා බහට ලක් විය.
එපමණක් නොව ඉන් අනතුරුව නාහිමියන් විසින් “දූෂිතයන් අත්අඩංගුවට ගන්න කියා බල කළ අපි කොහොමද කටක් ඇරලා එහෙම කියන්නේ?” “අපි පසුගිය කාලයේ බලයට ආපු හැම නායකයන්ගෙන්ම දිගටම ඉල්ලුවේ දූෂිතයන්ට නිසි දඬුවම් දෙන්න කියලායි. ඒත් මොන තරම් පොරොන්දු දුන්නත්, කවුරුවත්ම ඒක කළේ නෑ. වත්මන් ජනාධිපතිවරයාටත් අපි බලයට පත්වෙන්න කලින් ඉඳලම කිව්වා, බලයට ආවොත් මේ රටේ මහජන මුදල් මංකොල්ල කෑ දූෂිතයන්ට එරෙහිව දැඩි පියවර ගන්න කියලා. යනුවෙන්ද පිළිතුරු දී ඇති බව වාර්තා විය.
මහින්ද රාජපක්ෂ එවැනි ඉල්ලීමක් නාහිමියන්ගෙන් ඉල්ලා නැති බවත් එම ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍ය බව පවත් පවසමින් අද පිරිසක් CID යට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඔවුන් සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ විසින් එවැනි ඉල්ලීමක් මල්වතු නාහිමියන්ගේ ඉල්ලා නොමැති බවත් මෙම අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවයි. මෙවැනි ආකාරයේ අසත්‍ය තොරතුරු පල කිරීමෙන් මහජනතාව අතර සාමාජ බිඳ හෙළීමේ දැඩි අවධායක් තිබෙන බවත් මහජනතාවට කුතුහලයක් ඇති කර ඇති බවත් ඔවුන් පැවසුවා.
මෙවැනි ආකාරයේ අසත්‍ය තොරතුරු පල කිරීමෙන් මහජනතාව අතර සාමාජ බිඳ හෙළීමේ දැඩි අවධායක් තිබෙන බවත් මහජනතාවට කුතුහලයක් ඇති කර ඇති බවත් ඔවුන් පැවසුවා. මෙලෙස අසත්‍ය තොරතුරු සන්නිවේදනය කළ සියලුම පුද්ගලයන් පිළිබඳව තොරතුරු සොයා බලා විධිමත් විමර්ශනයක් සිදු කොට ඒ සම්බන්ධයෙන් දැඩිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියා.
මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ද මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති අතර ඔහු සඳහන් කළේ ඔවුන් අවුරුදු 5ක් තිස්සේ විමර්ශන සඳහා සහය දෙමින් සිටින බවයි. එසේම ඔවුන්ට යම් දෙයක් ප්‍රකාශ කිරීමට ඇත්නම් අධිකරණයේ කියන බවත් තැන් තැන් වල නොකියන බවත් නාමල් සඳහන් කළා.
ශිරන්ති රාජපක්ෂ විසින් කොළඹ 10 ඩාලි පාරේ මහජන බැංකුව සුදුවැල්ල ශාඛාවේ “සිරිලිය සවිය” නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින්, නිත්‍යනුකුලව ඉදිරිපත් කල යුතු ලේඛණ ඉදිරිපත් නොකර 2006.11 14 දිනැතිව, අංක 143-001-4-6235069 දරන ගිණුම ආරම්භ කොට ඇත.
දැනට මෙම ගිණුමේ ගනුදෙනු අත්හිටුවා ඇති අතර මේ වන විට ගිණුමේ ශේෂය රුපියල් මිලියන 43 කි. මෙම ගිණුමේ සභාපති ලෙස ශිරන්ති රාජපක්ෂ, ලේකම් සීතා කල්‍යාණි දිසානායක, භාණ්ඩාගාරික නිරෝෂා ජීවනී යන අයවලුන්ය. දැනට මෙම ගිණුමට අවස්ථා 88කදී රුපියල් අට කෝටි විසිනව ලක්ෂ අසූ අටක් තැන්පත් කර ඇති අතර, ආපසු ගැනීමේ අවස්ථා 129කදී රුපියල් තුන් කෝටි අනූ ලක්ෂ පහළොස්දාස් හයසිය පනස් හයක මුදලක් ලබාගෙන ඇත. මීට අදාලව මේ වන විට විමර්ශන අරඹා ඇත.
