ඉදිරි සති කිහිපය තුළ නැවත ඊශ්‍රායල් රැකියාවලට යවනවා… – අරුන් හේමචන්ද්‍ර

ඉරාන ඊශ්‍රායල ගැටම් හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ ඊශ්‍රායල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත් කර හැරීම යළි ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා.

ඔහු එහිදී සඳහන් කළේ පවතී යුධමය තත්ත්වය හමුවේ ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසු ගිය දින කීපය තුළ ඉරානයේ උතුරු දෙසට රැගෙන ගිය බවයි. එසේම පසු ගිය දින කීපය තුළ ඊශ්‍රායලයේ සුවිශේෂී සිදු වීමක් නොවීම තුළ ඊශ්‍රායලයේ රැකියා නැවත පටන් ගත හැකි ආකාරයට ඉදිරි සති කීපයක් තුළ යථා තත්වයට පත් කරගත හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. මිට අදාළ විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාතයංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊට අදාළ සියලු පාර්ශවයන් එකතු කරගෙන සාකච්ඡාවක් පවත්වන බවද ඔහු සඳහන් කළා.
එසේම මීට අදාළ පෙර සූදානම සිදු කරමින් පවතින බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

මෙහිදී අප අරුන් හෙමචන්ද්‍රගෙන් විමසිය යුතු කරුණක් ඇත. එනම් මෙලෙස නැවත ඊශ්‍රායලය සඳහා ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ශ්‍රමිකයන් යැවීම සඳහා ඊශ්‍රායලයේ ආරක්ෂාව පිළිබඳව රජයට ඇති තක්සේරුව කුමක් ද යන්නයි.
දින දෙකක් 3ක් ප්‍රහාර එල්ල නොවුණද ඊශ්‍රායලය විසින් ගසාවට ප්‍රහාර එල්ල කරමින් සිටී. ඒ කෙසේ වෙතත් නැවත ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ලේ නොවේ යයි කීමට ඇති තක්සේරුව කුමක්ද?
එසේම මෙවැනි අවදානම් කලාප වල සේවය කරනු ලබන සහ කරන සේවකයන්ට අදාලව ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය පවතින ගිවිසුම් වලට සිදු කළ සංශෝධන හෝ වෙනස් කම් මොනවාද? ඒවා නොමැතිනම් එවැන්නක් අවශ්‍ය නැද්ද?
එසේම නැවත සංක්‍රමණය වන සහ අලුතින් යන ශ්‍රමිකයන් හට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා වන සුවිශේෂී වැඩපිළිවෙලක් තිබේද? එසේනම් ඒවා මොනවාද?

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading