අද දූෂණය Zero – හඳුන්නෙත්ති

තමා ලෝක ආර්ථික සමුළුවේදී සිදු කළ කතාව ඇතැම් පාර්ශවවලින් විකෘති කිරීමට මෙන්ම ඔවුන්ට අවශ්‍ය ආකාරයට සකස් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

චීනයේ පැවති “World Economic Forum 2025” සමුළුවට සහභාගී වෙමින් තමා සිදු කළ කතාවට එල්ල වෙන විවේචනයක් සම්බන්ධයෙන් අද (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ තමා එහිදී ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනයට නොගත් විභවයන් සහ පවතින සම්පත් තමන් ඉස්මතු කළ බවයි.

“මං දැක්කා සමාජ මාධ්‍යවල මං ලෝක ආර්ථික සමුළුවට ගිහින් ඉදිරිපත් කළ කතාව විකෘති කරලා ඒ ගොල්ලන්ට ගැළපෙන විදිහට ඉදිරිපත් කරනවා. මම එතනදි කීවෙත් ඒකයි.

අපේ රටේ බුද්ධිමත් තරුණ පිරිස පිටරටවලට යනවා. අපි නිදහස් අධ්‍යාපනයෙන් උගන්වන අය පිට රටවලට යන එක අපරාධයක්. ඒක ආසියානු කලාපයේම අර්බුදයක්.

අපේ ආර්ථිකය වර්ධනය කරන්න තියෙන සීමාවන් වගේම හැකියාවන් අපි අඳුරගෙන තියෙනවා, මේ ආණ්ඩු ගියේ ඒ වියදම් හැකියාවක් දැනගෙන නෙමෙයි, මන්ත්‍රීවරුන්ට තෑගි දෙනවා වගේ තමයි ටෙන්ඩර් දුන්නේ, මහින්ද රාජපක්ෂට තිබුණ අභියෝගයක් තමයි එයාගෙ වටේ හිටිය පක්ෂවල අයට දෙන්න සිද්ධ වුණා සමහර ඒවා, එයාලව තියාගන්න, එහෙම දුන්නා..අපි එහෙම කරන්නේ නැහැ

අද දූෂණය Zero, අදකාටවත් කියන්න බැහැ මෙයා මෙච්චර හොරකම් කරලා කියලා…”

Author

Related Posts