ඕපනින් එකකට ෂාරුක් ලංකාවට

ඉන්දීය සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් අගෝස්තු 2 වන දින මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

කොළඹදී විවෘත කිරීමට නියමිත City of Dreams කැසිනෝ ශාලාව සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම ඔහුගේ මෙම විශේෂ සංචාරයේ අරමුණ වන බව තවදුරටත් සඳහන්.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සහ ලෝක ප්‍රකට Melco Resorts & Entertainment සමාගම එක්ව සිදු කළ මෙම දැවැන්ත ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ විශාලතම ඒකාබද්ධ සංචාරක නිකේතනයක නිමැවුමක් ලෙස සැලකෙනවා.

පෞද්ගලික අංශයේ දැවැත්ත ආයෝජනයක් වන මෙය, ශ්‍රී ලංකාවේ මෙතෙක් සංචාරක සහ විනෝදාස්වාද කර්මාන්තයේ සිදු වූ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙසද හැඳින්වෙනවා.

Cinnamon Life හෝටලය දැනටමත් විවෘත කර ඇති අතර, කැසිනෝ ශාලාව සහ Nüwa හෝටලය ඇතුළු අවසාන අදියර අගෝස්තු 2 වන දින විවෘත කිරීමට නියමිතයි.

2004 වසරේදී දෙසැම්බර් මස 11 වැනි දින ෂාරුක් ඛාන් සහභාගි වූ මෙරට “Temptation 2004” නමින් සංවිධානය කළ ප්‍රසංගයකට බෝම්බ ප්‍රහාරයක්ද එල්ල වුණා.

මෙම ප්‍රසංගය පැවැත්වීමට ජාතික හෙළ උරුමය විසින් දැඩි විරෝධතා පවත්වා තිබූ අතර එදිනට ගංගොඩවිල සෝම හිමියන් වෙනුවෙන් මිනිත්තුවක නිහඬතාවයක්ද සිදු කර තිබුණා.

පොලීසිය මාර්ග බාධකත් සමඟ විරෝධතා පාලනයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරද එල්ල කළා.

එම ප්‍රහාරයෙන් ඡායාරූප මාධ්‍යවේදී ලංකා ජයසුන්දර සහ තරුපහේ හෝටල් නිලධාරිනියක වූ ඩිලානි මහේෂිකා මිය ගිය අතර, 19 දෙනෙක් පමණ තුවාල ලබා තිබුණා.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ සඳහා ඉන්දීය රජයෙන්ද බලපෑම් තිබුණා.

Author

Related Posts