බස්රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම ප්‍රායෝගික නෑ – අනතුරු වැඩි වෙනවා… – ගැමුණු

අද (1) සිට බස්රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්යය බව ජාතික ගමනා ගමන පසුගියදා ප්‍රකාශ කරන ලදී. නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වමින් ඔහු සඳහන් කළේ 2011න් පස්සේ ආ පැරණි බස් රථ වල සීට් බෙල්ට් එක නොමැති බවත්, සීට් බෙල්ට් නැති අය සම්බන්ධයෙන් පොලීසිය යොදා කටයුතු කරන්නට ගියහොත් අනිවාර්යයෙන් ම අනතුරු වැඩි වන බවයි.
බස් රථ සඳහා ආසන පටි පැළඳීම ක්‍රියාත්මක කිරීම කළ යුතු අතර ඒ සඳහා ප්‍රමිතිගත වූ ඇදෙන සුළු ආසන පටි බස් රථ සඳහා අවශ්‍ය බවද ගැමුණු විජේරත්න පවසයි.
මේ පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු අතර ජපන් වාහන වල තියෙන ආසන පටි මේ සඳහා යෙදිය යුතු බවත් ඉන්දියාවේ ආසන පටි එතරම් සාර්ථක නොවූ බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.
ලංගම බස් රථ සඳහා ආසන පටි නොමිලේ ලබා දෙන බැවින් පෞද්ගලික බස් රථ සඳහාද ආසන පටි ලබා දීම සඳහා සහනදායී වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading