හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මල්වතු මහානායක හිමියන්ගෙන් සිදු කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් අප වෙබ් අඩවියේ “ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්න” – මහින්ද රාජපක්ෂ නාහිමිවරුන්ගෙන් ඉල්ලලා” යන ශීර්ෂය පළ කළ මාධ්‍යවේදී සනත් බාලසූරියගේ ලිපිය සාවද්‍ය බව මල්වතු මහා විහාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්, මල්වතු මහා විහාරයේ උප ලේඛකාධිකාරී, මහවෙල රතනපාල හිමියන්, මහානායක හිමියන්ගේ නියමය පරිදි අදාළ නිවේදනය නිකුත් කර ඇති අතර, එහි සඳහන් කර ඇත්තේ, අදාළ පුවතේ සඳහන් පරිදි කිසිදු හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදු ව නොමැති බවත්, එවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැලඹීමක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයින් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේ දී නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.
පිළිතුරු දීමේ අයිතිය මත එම නිවේදනය අප මෙහි පළ කර සිටිනවා.

