යෝජිත විදුලිබල පනත් කෙටුම්පතේ සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. ඒ අනුව එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්මි මහතා විසින් අද පාර්ලිමේන්තුවට දුන්නා.
එම පනත් කෙටුම්පත ව්‍යවස්ථාවේ 121.1 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කෙරිණි. “ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයට අනුව පනත් කෙටුම්පතේ 8.2 වගන්තිය නිසි ලෙස සංශෝධනය විය යුතුයි. ඒ හරහා අදාළ කමිටුවේ සියලුම සාමාජිකයින් දූෂණ විරෝධී පනතට යටත් වනු ඇත.
පනත් කෙටුම්පතේ 13.1ඇ වගන්තිය ව්‍යවස්ථාවේ 3 වන වගන්තියට පටහැනියි. එයට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි.”
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති පරිදි සංශෝධනය සිදු කරන්නේ නම් අදාළ උල්ලංගනය පහව යනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් වේ.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබුණි.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා හරිත සංවිධානය ඇතුළු පාර්ශව හතක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරන ලදී.
යෝජිත පනත් කෙටුම්පත තුළින් ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට යෝජනා කර ඇති බවත්, සේවකයින්ට වන්දි ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් විධානයක් මෙම පනත් කෙටුම්පතේ සඳහන් වී නොමැති බව හා කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම් මගින් ඉදිරිපත් කර තිබුනා.
