පසුගිය මාස දෙකේ බිලියන 23 ක හෙරොයින් සහ අයිස් අල්ලලා !   

නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ ධීවර යාත්‍රා මඟින් මෙරටට රැගෙන එමින් තිබිය දී අප්‍රේල් සහ මැයි මාසවල රුපියල් බිලියන 23ක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

බහුදින යාත්‍රා මඟින් මෙරටට රැගෙන එමින් තිබිය දී වැටලීම් හතරක දී මේ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටියා.

ඒ අනුව හෙරොයින් කිලෝ 542 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1216 ක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, අප්‍රේල් 05 වැනිදා සැකකරුවන් 08 දෙනෙක් සමඟ හෙරොයින් කිලෝ 191 ක් ද, අයිස් කිලෝ 671ක් ද,  අප්‍රේල් 12 වැනිදා සැකකරුවන් 06 දෙනෙක් සමඟ හෙරොයින් කිලෝ 77 ක් සහ අයිස් කිලෝ 42 ක් ද, මැයි 28 වැනිදා සැකකරුවන් 06 දෙනෙක් සමඟ හෙරොයින් කිලෝ 166 ක් සහ අයිස් කිලෝ 253 ක් ද, එදින ම සැකකරුවන් 05 දෙනෙක් සමඟ හෙරොයින් කිලෝ 108 ක් සහ හෙරොයින් කිලෝ 250 ක් ද වශයෙන් වැටලීම් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading