ශානිට තනතුරක්

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදෙමින් පොලිස්පතිවරයා නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පොලිස් කොමිසම මීට පෙර ලබාදුන් නිර්දේශ ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ්‍යවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ලෙස සිටි කාන්තා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අයි. එස්. මුතුමාල ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබෙනවා.

ශානි අබේසේකර මහතා මීට පෙර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.

Author

Related Posts