ජාවාරම් සහ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය පැරලයිස් වෙලා තිබ්බේ…

ඖෂධ සැපයීමේදී සිදු කරන ලද ජාවාරම් සහ අක්‍රමිකතා නිසා NPP ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගනිද්දී එය ෂොක් වෙලා පැරලයිස් වෙලා තිබූ බව සෞඛ්‍ය අමාත්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසයි. 26 දින නාරාහේන්පිටදී රාජ්‍ය ඔසු සල ශාඛාව විවෘත කිරීමට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නිළධාරීන් ආයතන කීපයක විමර්ශන වලට කටඋත්තර දෙන්න සිදු වන තත්වයක් තිබූ අතර එමගින් සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු වලට නිරන්තර බාධා පැමිණුනු බව ඔහු සඳහන් කළා.

නමුත් එම විමර්ශන පැවැත්විය යුතු බව සඳහන් කරමින් ඔහු සඳහන් කළේ නිලධාරීන්ද අකර්මණ්‍ය කරවමින් පසුගිය වසර දෙකේදී අවශ්‍ය ඖෂධ තොග ඇණවුම් නොකිරීම නිසා යම් අභියෝගයකට ආණ්ඩුව මුහුණ දී ඇති බවයි. මේ වන විටත් රෝහල් වල පවතින් ඖෂධ හිඟය සඳහා එය හේතු වී ඇති නමුත් ආණ්ඩුව නිවැරදි මාවතට අවතීර්ණ වී ක්‍රමානුකූලව මේ ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය ප්‍රතිස්ථාපනය කරමින් සිටින බවද සෞඛ්‍ය ඇමතිවරයා පැවසුවා.
ඒ අනුව ලබන වසරේදී රජයේ රෝහල් වලට අවශ්‍ය ඖෂධ ගුණාත්මක තත්ත්වයෙන් අඛණ්ඩව සැපයීමට බලාපොරොත්තු වන බව ඒ මහතා සඳහන් කළා. ‘
ඖෂධ වෙළඳාම ඉතා ලාභ ලබන තැනක් නිසා එහි ජාවාරම් කරුවන් තවමත් සක්‍රීයව සිටී. ඔවුන් රාජ්‍ය ඖෂධ සංස්ථාවටත් බලපෑම් කරන අතර, ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය ප්‍රතිස්ථාපන කාර්යයේ නිරත්ව් වී සිටින නිළධාරීන්ට එරෙහිව මේ මොහොතේ යම් කණ්ඩායමක් සමාජ මාධ්‍ය හරහා කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ අවංකව සේවය කරන නිළධාරීන්ගේ පවුල් වලට බලපෑම් කර සහ අධෛර්යමත් කර ඔවුන්ව මේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමයි.
මේ පිළිබඳව සමාජ මාධ්‍යය බැලූ විට පෙනෙන කාරණයක් පමණක් නොව, බුද්ධි අංශ වර්තාවකින්ද සමහර දේශපාලන පක්ෂ වලට සම්බන්ධ කුඩා කණ්ඩායමක් සහ සමහර ඖෂධ සමාගම් වලින් වැටුප් ලබන කණ්ඩායම් විසින් සැලසුම් සහගතව මෙය සිදු කරයි.
ඔවුන් මෙමගින් සිදු කිරීමට උත්සාහ ගන්නේ සහ ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ පවතින ඖෂධ හිඟය මගහරවාගෙන ක්‍රමානුකුලව යතා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම බව අමාත්‍යවරයා සඳහන් කළා. ඒ සඳහා කිසිසේත් ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය ඇමති නලින්ද ජයතිස්ස වැඩි දුරත් කියා සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading