හෙට රෑ සිට ව්‍යාපාරිකයන්ගේ දේපල බැංකු සතුවන වන ලකුණු.
හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට පරාටේ පනත ක්‍රියාත්මක වීම නිසා ව්‍යාපාරිකයන් ගැටළු රැසකට මුහුණ දෙන බව ශුද්‍ර කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ගේ සංගමය පවසයි.
මේ නිසා ව්‍යාපාරිකයන්ගේ දේපල අනිසි ලෙස බැංකු සතුවන බැවින් මේ සඳහා රජය මැදිහත් වී එම ව්‍යපාරිකයන්ට තාවකාලික ණය ගෙවීම් සඳහා සහන කාලයක් ලබා දෙන ලෙස එම සංගමය ඉල්ලා සිටියා.
මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි කියා සිටියේ 2022 අගෝස්තු මාසය වන විට 263000ක් කර්මාන්ත අකර්මණ්‍ය වී වසා දමා ඇති බවයි.
කර්මාන්ත ඇමති හඳුන්නෙත්ති පට්ට පල බොරු කියමින් 2022,2023,2024 වර්ෂ එකතු කරලා මේ අව්රුද්දෙ පළමු කාර්තුවේ රුපියල් මිලියන 650ක ආදායමක් උපයලා තිබෙන බව පවසන බවට ඔවුන් චෝදනා කරයි. ඔවුන්ට මෙම කර්මාන්ත කරගෙන යාම සඳහා පරාටේ පනත පැත්තකින් තබා ව්‍යාපාරිකයන්ට නැගිටින්නට අවම වශයෙන් අවුරුද්දක්වත් ලබා දෙන ලෙස එම සංගමය ඉල්ලා සිටී. දැනට ණය ගෙවීම සඳහා තිබූ සහන කාලය ජූනි 30 වෙනිදායින් අවසන් වන අතර ඉන් අනතුරුව බැංකු වල අධ්‍යක්ෂක මණ්ඩලයට තම දේපල පවරා ගැනීමට හැකියාව ලබෙන බව ඔවුන් පවසයි. දේපල පවරාගැනීමෙන් කර්මාන්තය නගා සිටුවීමට නොහැකි බව පවසමින් සුසන්ත ලියනාරච්චි ජනාධිපතිවරයාගෙන් 30 වෙනිදායින් පසු ව්‍යාපාරිකයන් දේපල වලට අත නොතබන ලෙසයි.
පරාටේ නීතිය ඉවත් කරගන්නා ලෙසත්, එය ඛේදවාචකයක් බවත් IOC බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කෝසල විදානආරච්චි පවසයි. මෙම පනත නිසා බුලත් කඩයක් වත් පවත්වාගෙන යා නොහැකි තත්වයක් ඇති වී ඇති බව ඔහු බවසයි.
එසේම ඔවුන් ඉල්ලා සිටියේ මෙම ණය ගෙවීම සඳහා සාධාරණ ක්‍රමයක රජය මගින් සකස් කර දෙන ලෙසයි.
මොකද්ද මේ පරාටේ නීතිය කියන්නේ?
යම් දේපළක් බැංකුවට උකස් කර ණය මුදලක් ලබා ගත් පසු, ඒ ණය මුදල සහ ඊට අදාළ පොළී මුදල මුලින් එකඟ නියමිත කාලවකවානුවේදී ගෙවීමට නොහැකි වුවහොත් ඔබ බැංකුවට ණය මුදල ගෙවීම දිගින් දිගට ම පැහැරහැරිය විට අධිකරණ ක්‍රියාවලියකින් තොරව ණය අය කර ගැනීම සඳහා බැංකු වෙත බලයක් ලබා දී තිබේ.
ඒ අනුව මෙහිදී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුව යමෙකු බැංකුවට උකස් කළ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින් බැංකුවට අය විය යුතු ණය හා පොළී මුදල අය කර ගැනීම පරාටේ නීතිය යනුවෙන් සරලව හැදින්විය හැකි ය.
