මතුගම ප්රාදේශිය සභාව වෙනුවෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්වුණු මන්ත්රීවරුන්, මේ වනවිට නිවාස අඩස්සියේ තබාගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.
මතුගම ප්රාදේශිය සභාවේ බලය පිහිටුවීම සඳහා වන රැස්වීම හෙට (30) පැවැත්වීමට නියමිතව තිබියදී සමඟිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතාන මහතා විසින් ප්රාදේශිය සභා මන්ත්රීවරුන් 8 දෙනෙක් පමණ මෙලෙස රඳවා තබාගෙන සිටින බවයි පැවසෙන්නේ.
ජගත් විතාන මන්ත්රීවරයාට අයත් හොරණ- මතුගම පාරේ නෑබඩ ප්රදේශයේ පිහිටි ඔහුගේ මහ ගෙදර මෙලෙස මන්ත්රීවරුන් රඳවාගෙන සිටින බවට තොරතුරු වාර්තා වනවා.
ඔවුන්ගේ ජංගම දුරකතන සියල්ල ද අදාල මන්ත්රීවරයා විසින් ලබාගෙන ඇති අතර, මේ වනවිට අදාල මන්ත්රීවරුන් කිසිවෙක්ට බාහිර සමාජය සමග ගනුදෙනු කළ නොහැකි ආකාරයට හුදෙකලා කර තිබෙන බවයි පැවසෙන්නේ.
හෙට පැවැත්වීමට නියමිත මතුගම ප්රාදේශිය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත්කරගැනීමේ ඡන්දයේදී, ජගත් විතාන මහතාට විරෝධය පා සමගිජන බලවේගයේ මන්ත්රීවරුන් ජාතික ජන බලවේගය ට සහය දැක්වීමේ සූදානමක් ඇති බවට දැනගන්න ලැබීමත් සමග එය වැලැක්වීමේ අරමුණින් මෙලෙස එම පක්ෂයේ මන්ත්රීවරුන් නිවාස අඩස්සියේ තබාගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මතුගම ප්රාදේශිය සභාව ජාතික ජන බලවේගය විසින් ජයග්රහණය කරනු ලැබුව ද, ඔවුන්ට මන්ත්රීධූර 33න් 13ක් පමණ හිමිවුවා.
සමගි ජන බලවේගයට හිමිවුයේ මන්ත්රීධූර 10ක් පමණි.
