පලස්තීනයට නිදහස! යුද්ධයට විරෝධය! මැයෙන් පලස්තීන සහයෝගීතා මහජන ව්‍යාපාරය සංවිධානය කරනු ලබන විරෝධතාවයක් සහ පාගමනක් හෙට (30) කොළඹදී පැවැත්වේ.
වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ සහ සිවිල් සාමාජ ක්‍රියාකාරීන් සහභාගීත්වයෙන් විරෝධතා පාගමන පස්වරු 3.00 ට කොම්පඤ්ඤ වීදිය ඩි මෙල් පිටියෙන් පාගමන ආරම්භ කරන බව සංවිධායකයින් ප්‍රකාශ කළා.
පසුගිය මාසය තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් පලස්තීන වැසියන් 549 දෙනෙක්ද මියගොස් ඇත. මේ මිය ගිය අය අතර හෙට දවසේ මේ ලෝකය බාර ගන්නට ඉන්නා දරුවන්, තරුණ තරුණියන් සහ යුද්ධය කියන්නේ මොකද්ද කියා වත් නොදන්නා අහිංසක කිරිසප්පයන් සිටී.
ගෝලීය භූ දේශපාලනික අධිරාජ්‍යවාදී යුද්ධය විසින් සෑම මොහොතකම දස දහස් ගණන් මිනිසුන්ගේ ජීවන අපේක්ෂාවන් සුනු විසුනු කර දමයි. ඇමෙරිකාව ප්‍රමුඛ ගෝලීය බලවතුන් කියා ගන්නා රටවල් ගෝලීය බලය බෙදා ගැනීමට සහ සම්පත් වල වැඩි පංගුව තමන් සතු කර ගැනීමට දරන මේ මිලේච්ඡ වෑයම් තුළින් සංහාරය උත්කර්ෂයට නංවන ශිෂ්ටාචාරයක් දෙසට ලෝකය ගමන් කර ඇත. සියලු ආගම් සංස්කෘතික හර පද්ධතීන් සහ මනුෂ්‍යත්වයේ සාරයන් මහපොළොව දෙබෑ කළ හැකි සංහාරයේ අවි වලින් දූවිලි කර හමාරය. ඇමෙරිකාව, රුසියාව චීනය, යුරෝපය, මැදපෙරදිග මෙන්ම ලෝකයේ බොහෝ කලාපයන් තුළ නිදහස, සාමය, සහ මානව හිමිකම් නිරන්තරයෙන් කෙලෙසීමකට ලක්වෙයි.
එම ව්‍යසන මැද මැදපෙරදිග උත්සන්න වන යුධ ගැටුම්වලට සමගාමීව, විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වෙමින් ඇත. යම් හෙයකින් රැකියා අහිමි වුවහොත් විදේශ ප්‍රේෂණ වලින් ලංකාවට ලැබෙන විදේශ විනිමය අඩුවීමේ අවදානමක් මතුවෙයි. ඒ සමඟම ගෝලීය බොරතෙල් මිල ඉහළ යාමත්, ඉන්ධන අර්බුධයක්, සමස්ත ආර්ථික පද්ධතිය පවා අක්‍රීය කරනු ඇත.
ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස, අප විසින් කුමන ආකාරයේ වුවද ජනඝාතනයන්ට එරෙහි විය යුතුය. මෙවන් යුද්ධ වලට හා මිලේච්ඡත්වයට හා සංහාරයනට එරෙහිව අප වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් ඓතිහාසික වශයෙන් විරෝධතාවය පල කර ඇත. ඒ කෙසේ වුවද වත්මන් සමාජය මීට වඩා යහපත් සමාජයක් බවට පත් කිරීම උදෙසා සටන් කරන අප ගෝලීයව පවතින මෙම සංහාරයන් පිළිබඳව දක්වන ප්‍රතිචාරය මනුෂ්‍යත්වයේ ශිෂ්ටාචරය් උදෙසා අප කරන්නාවූ ඉතා සුළු සාමූහික කැප කිරීමක් වනු ඇත.
මෙම අරමුණින් යුතුව ස්‌වාධීනව එක වූ අප පලස්තීන සහයෝගීතා ව්‍යාපාරය විසින්
“පලස්තීනයට හා ඉරානයට එරෙහි ජන සංහාරය නවතනු!”
“ඇමෙරිකන්, ඊශ්‍රායල් ෆැසිස්ට් ආක්‍රමණය පරාජය කරමු!”
“ශ්‍රී ලාංකිකයන් 20000කගේ ජීවිත අනතුරේ – ඔවුන්ව වහා ගෙන්වා ගනු!”
සාමය, නිදහස සහ මනුෂ්‍යත්වය උදෙසා එක්වෙමු!
යන සටන් පාඨ සමග විරෝධතා පාගමන සංවිධානය කර ඇත.
මිට සමගාමීව ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා සහ පෝස්ටර් ව්‍යාපාරයක් පසුගිය දින කිහිපය තුළ සිදු කර ඇත. මේ සඳහා වෘත්තීය සමිති, බහුජන සංවිධාන සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ දේශපාලන පක්ෂ වෙත ආරාධනා කර ඇති අතර සියලු ජනතාවට මේ සඳහා සමබන්ධ වන මෙන් සංවිධායකයින් ඉල්ලා සිටී.
