ලෝක උරුම සීගිරියේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි පවසයි.
ඒ අනුව ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් එක්ව සීගිරිය උරුම කළමනාකරණ මාර්ගෝපදේශ සැලැස්ම සහ යෝජනා වලියක් පිළිබඳව එහිදී අවධානය යොමු වී ඇත.
අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය භූ දර්ශනයට විශාල හානියක් සිදුවීම නිසා ලෝක උරුම ලැයිස්තුවෙන් සීගිරිය ඉවත්වීමේ අවධානමක් පවතින බැවින් මෙලෙස සිදු කිරීම සඳහා යෝජනා වී ඇත.
ඒ අනුව සිගිරිය උරුම කළමනාකරණ මාර්ග උපදේශන සැලැස්ම සහ යෝජනාවලිය සැකසූ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් රජයට මෙම යෝජනා වලිය සහ සැලැස්ම ලිඛිතව බාරදීම මෙහිදී සිදු කර ඇත.
