සීනි තවරන ලද විෂ ගුලියක් වූ කම්කරු පනත් කෙටුම්පත නැවත කරලියට…

කම්කරු නීතිය වෙනස් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසා ඇත.
ඒ සඳහා වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

කම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම මෙහි අරමුණ බවත් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටද අපේක්ෂා කරන බවත් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළ බව වාර්තා වේ.

මේ කම්කරු නීති වෙනස් කිරීමට ගෙන එන පනත් කෙටුම්පත පරණ එකකි. තනි කම්කරු නීතිය 2019 වසරේදීද ගෙන එන්නට එවකට ආණ්ඩුව උත්සාහ කළද වෘත්තීය සමිති විරෝධතාවය හමුවේ එම උත්සාහාට්‍ය ව්‍යවර්ථ විය.
නැවත මනූෂ නානායක්කාර 2023 දී මේ පනත් කෙටුම්පත උත්සාගෙන ආවේ ලොකු සංදර්ශන ගණනාවක් සමගින්ය. ඒ සංදර්ශන වලින් සමහර වෘත්තීය සමිති විනෝදයක් ලැබූ නමුත් බොහෝ වෘත්තීය සමිති කම්කරු විරෝධී කෙටුම්පතට විරුද්ධ විය. නිදහස් වෙළඳ කලාපයේ සමහර වෘත්තීය සමිති විසින් මෙය හඳුන්වනු ලැබුවේ සීනි තවරන ලද විෂ ගුලියක් ලෙසය. එය කෑවේ කම්කරුවා දුක් විඳ මිය යනු නිසැකය.
දැනට පවතින කම්කරු නීති යල්පැන ගිය ඒවා යයි කියන්නට සංජය නල්ලේපෙරුම සහ මනුෂගේ මීඩියා හාදයන් ඉතා මෝඩ පන්නයේ වීඩියෝ හදා ප්‍රචාරය කළහ.
දැනට පවතින කම්කරු නීති අණ පනත් 13ක් පූට්ටු කර ඇති මෙම කෙටුම්පත ජාතික කම්කරු උපදේශන සභාවටත් (NLAC) හොර පාරෙන් හාම්පුතුන් සහ ආයෝජකයන් සතුටු කරන්න මනුෂගේ සෙට් එකක් මෙය සකස් කළ බව කියවේ.
කෙසේ වුවද එම අවස්ථාවේ මනුෂට ද එය කිරීමට නොහැකි විය. එය එදා සම්මත වුණා නම් වෘත්තීය සමිති ව්‍යාපාරය කිසිදා නොඑන ගමන් යනු නිසැකය. OT යනු කම්කරුවාගේ සෙලවෙන මනස වනු ඇත. හාම්පුතා විනෝදෙන් තැබීම කම්කරුවාගේ පරම කාර්යය වන අතර ඒ විනෝදය එපා වූ කල්හි වන්දිත් නැතුව ගෙදර යන්න සිදු වනු ඇත. මනුෂ මෙය modern කිව්වද වෘත්තීය සමිති ඒ මොහොතේ කියා සතියේ මෙය නූතන වහල් (modern salvery) පනතක් බවයි.

ඒ පනත එහෙම්ම ගෙනාවොත් මහින්ද ජයසිංහට සහ වසන්ත සමරසිංහට තම ඓතිහාසික වෘත්තීය සමිති සගයන්ගෙන්ම පහර වදිනු ඇත.
මේ පිළිබඳව සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් තීරණයක් ගන්න ලදී. ඒ අනුව විශේෂඥ කමිටුව පත්කළාද යන්න පිළිබඳව තවම තොරතුරක් නැත. පත් කළේ නම් ඒ කමිටුවේ සිටින්නේ කවුද යන්න වැඩකරන ජනතාව දැනුවත් කළ යුතුය. මක් නිසාද යත් පනත් හැදෙන්නේ කම්කරුවාගේ ශ්‍රමය සහ අනෙකුත් රැකියා කොන්දේසි තීරණය කිරීමට බැවිණි.

මහින්ද ජයසිංහ ඇමතිවරයා විසින් සඳහන් කරන ලද, කම්කරු නීති සංශෝධනය පිළිබඳව දැනට ආරම්භ කර ඇති කාරණා විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම ඉතා වැදගත් වනු ඇත. මක් නිසාද මනුෂ නානායක්කාර සේ හංගලා ගැසීම තවදුරත් වෘත්තීය සමිති වලට රුස්සන්නේ නැති නිසාය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading