ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යයි පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන එම විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුව 2025 සැප්තැම්බර් 26 වනදාට යළි කැඳවීමට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබේ.
මෙම නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, ඇප මත මුදා හැර සිටින විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා විසින් අධිකරණයට දැනුම් දුන්නේ නඩුවට අදාල ලැයිස්තුගත ලේඛන වලට අමතරව විත්තිකාරයා විසින් පරිබාහිර ලේඛන කිහිපයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කර ඇති බවයි. එම ලේඛන ලබාදීම සඳහා කාලය ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතාද පවසා සිටියේ නඩුවේ පළමු සාක්ෂිකරුවාගේ ප්‍රකාශයේ කොටසක් පමණක් තමන්ට ලැබී ඇති අතර සම්පූර්ණ ප්‍රකාශය සහිත ලේඛණය අවශ්‍යය බවයි.
ඒ අනුව, විත්ති කරුවන්ට අවශ්‍ය ලේඛන ඔවුන්ට ලබා දීමට පියවර ගන්නා ලෙස පැමිණිල්ලට නියෝග කල විනිසුරුවරයා නඩුව ලබන සැප්තැම්බර් 26 වන දා යළි කැඳවීමට නියම කළා. එදින මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයද පැවැත්වීමට නියමිතය.
