පොලිස් ලොක්කන් 32කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු…

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9ක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 15 දෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 32 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත. පොලිස් මාධ්‍ය කොට්ටාශය මගින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් මේ පිළිබඳව දන්වා ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළ නිහාල් තල්දූව මහතා, මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා තිබෙන බව වාර්තා වනවා.

මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරූ ජේ.ආර්. ඩයස් මහතා, එම තනතුරට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරී කිරීමට පත්කර ඇති බවද සඳහන්.

එමෙන්ම, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීන් දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීන් පස්දෙනෙකු ද මෙවර ස්ථාන මාරුවීම් ලැබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

ඊට අමතරව, ජුලි මස 02 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුටද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව සඳහන් වෙනවා.

මෙම ස්ථාන මාරුවීම්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආයතනික පරිපාලනය කටයුතු විධිමත් කිරීම සඳහා, නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය හා සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ සිදු කර ඇති බවද දක්වා ඇත.

එමඟින්, විශේෂ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙකු, බන්ධනාගාර අධිකාරීවරයෙකු සහ සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් 13 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading