කබ්රාල් ඇතුළු පිරිසට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුව විනිශ්චයට දිනය නියම කෙරේ.

2012 වසරේදී ග්‍රීසිය ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේදී, ශ්‍රී ලංකා රජය එරට බැඳුම්කරවලට ආයෝජනය කිරීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8 කට අධික පාඩුවක් සිදු කළේය යන චෝදනාව මත, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් 10 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද ඉදිරියේ කැඳවන ලද අවස්ථාවේදීයි. එහිදී මෙම නඩුකරයට අදාල නඩු භාණ්ඩ ලේඛන අද දින විත්තියට බාර දෙන බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

මෙම නඩුවට අදාළව ඉදිරිපත් වූ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව විත්තිය විසින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සම් තුනක් ඉදිරිපත් කර ඇති අතර, එම පෙත්සම් සලකා බැලීම 2025 සැප්තැම්බර් මස 19 වනදාට නියම වී ඇතැයි අල්ලස් කොමිසමේ නීතිඥවරිය සහ විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දී ඇත.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ, අභියාචනාධිකරණයේ පෙත්සම් කැඳවීමට නියමිත දිනයෙන් පසු දිනයක මෙම නඩුව කැඳවීම සුදුසු වන බවයි.

ඒ අනුව , අදාළ නඩුව 2025 ඔක්තෝබර් මස 10 වනදා කැඳවීමට නියම කෙරිනි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading