තේ අපනයනය සීයට 12කින් ඉහළ ගියත් වතු කම්කරුවන් ඒ විදියට කොල්ලකයි! ආණ්ඩුවත් තොණ්ඩාලා සමඟ එක්වෙද්දී වතුකරු ශ්‍රම කොල්ලය ඉදිරියටම!

මැයි 2025 වන විට ශ්‍රී ලංකාවේ තේ අපනයන සියයට 12.4 කින් වර්ධනය වී ඇති අතර, එය කිලෝග්‍රෑම් මිලියන 21.87 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේ වුව ඒ ආදායම ඉපයීමට සම්පූර්ණයෙන් වෙහෙස වූ වතු කම්කරුවන්ගේ වැටුප් සීයට 12කින් තබා රුපියලකින්වත් වැඩි කිරීමේ උත්සාහයක් නැහැ. සුපුරුදු ලෙස මාලිමා අණ්ඩුව සමයේදීත් වතු සමාගම් හිමිකරුවන් මෙම ආදායම කොල්ලකෑමට නියමිතයි.

පසුගිය වසරේ මැයි මාසයේ අපනයනය කර ඇත්තේ කිලෝග්‍රෑම් මිලියන 19.45 ක්. දත්ත අනුව, තොග තේ හැර අනෙකුත් සියලුම නිෂ්පාදන කාණ්ඩ මෙම මාසය තුළ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

මැයි මාසයේ සාමාන්‍යයෙන් තේ කිලෝවක් මෙරටින් අපනනය කිරීමේදී වටිනාකම හෙවත් එෆ්ඕබී වටිනාකම කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 1,804.31 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 1.8 ක වර්ධනයක් හෙවත් රුපියල් 32.07 ක වැඩිවීමක්. පසුගිය වසරේ එය රුපියල් 1,772.24 ක් ලෙස සටහන් වුණා. එක්සත් ජනපද ඩොලර්වලින් ගත් විට, FOB අගය ඩොලර් 0.12 කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අපනයනකරුවන්ට තේ කිලෝවට රුපියල් 1800ක් මිල නියම කළද, මෙරට තේ වෙන්දේසියේදී තේ කිලෝවකට මැයි මාසයේදී රුපියල් 1000- 1200 අතර නියම වී තිබුණා. තේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම තේ වතු සමාගම විසින් සිදු කළත්, තේ වතු සමාගමේ තේ වටිනාකමට වඩා රුපියල් 600- 800 අතර පරතරයක් අපනයනය කිරීමේදී තේ කිලෝවකට එකතු වෙනවා. ඒ අනුව වතු සමාගම්වලට ආදායම් නැති බව පැවසුවත් අපනයනයේදී විශාල ආදයම් උපයන අතර, තේ නිෂ්පාදනයේ සම්පූර්ණ බර දරන වතු කම්කරුවාට වැටුප් ගෙවීමට ආදායම් නැතැයි වතු සමාගම් පවසනවා.

2025 වසරේ මුල් මාස පහ තුළ සමස්ත තේ අපනයන සියයට 5.2 කින් ඉහළ ගොස් කිලෝග්‍රෑම් මිලියන 103.28 ක් වී තිබෙනවා. පසුගිය වසරේ එම කාලය තුළ එය කිලෝග්‍රෑම් මිලියන 98.16 ක් ලෙස සටහන් වුණා. තොග තේ හැර අනෙකුත් සියලුම අංශ මෙම කාලය තුළ වර්නය වී තිබෙනවා.

ජනවාරි-මැයි මාස සඳහා තේ අපනයන ලෝවක්ල කි‍ෙ රුපියල් 1,756.46 ක් වුණා. එහෙත් තේ වෙන්දේසියේදී රුපියල් 1000කට ආසන්න මිලක් පමණක් ලැබී තිබුණා. එනම් වත්තේදී තේ නිපදවීමන් සීයට අනූවක් වැඩ අවසන් කළත්, තේ කිලෝවක වටිනාකමට සීයට තිහක පමණ වටිනාකමක් අපනයනයේදී එකතු කිරීමට අපනයනකරුවන් කටයුතු කරනවා. කිලෝ මිලියන ගණන් අපනයනය කරද්දී ලංකාවේ සිටින ලක්ෂ ගණනක් වතු කම්කරුවන්ගේ වෙහෙස මහා පරිමාණයෙන් තේ අපනයන සමාගම් කොල්ලකනවා.

තේ අපනයන සමාගම්වල අයිතිකරුවන්ම තේ වතු සමාගම්වල අයිතිකරුවන් වීමත් ප්‍රබලම කාරණයක්. ඒ කියන්නේ තේ වෙන්දේසියේදී තේ අලෙවි කරන වතු සමාගම් සහ තේ අපනයනය කරන සමාගම් යනු එකම ජාවාරමක කොටස්කරුවන්.

2025 වසරේ මුල් මාස පහ තුළ ඉරාකය සෙලෝන් තේවල ප්‍රමුඛතම ආනයනකරු ලෙස රැඳී සිටිනවා. ඔවුන්ගේ මිලදී ගැනීම් සියයට 18 කින් ඉහළ ගොස් කිලෝග්‍රෑම් මිලියන 14.47 ක් වී ඇති අතර, එය පසුගිය වසරේ කිලෝග්‍රෑම් මිලියන 12.29 ක් ලෙස සටහන් වුණා. ලිබියාව කිලෝග්‍රෑම් මිලියන 9.42 ක ආනයනයන් සමඟ දෙවන ස්ථානයට පත්ව ඇති අතර, එය පසුගිය වසරේ කිලෝග්‍රෑම් මිලියන 2.22 සිට සියයට 324 ක අතිවිශාල වර්ධනයක්.

රුසියාව තෙවන ස්ථානයට පත්ව ඇත්තේ සියයට 15 ක අඩුවීමක් සහිතව කිලෝග්‍රෑම් මිලියන 9.12 ක් (පසුගිය වසරේ කිලෝග්‍රෑම් මිලියන 10.67) වාර්තා කරමින්. එක්සත් අරාබි එමීර් රාජ්‍යය කිලෝග්‍රෑම් මිලියන 7.20 ක් ආනයනය කර ඇති අතර, එය පසුගිය වසරට වඩා සියයට 30 ක අඩුවීමක් පෙන්නුම් කරනවා. ඉරානය කිලෝග්‍රෑම් මිලියන 5.87 ක ආනයනයන් සමඟ පස්වන ස්ථානයට පත්ව ඇති අතර, එය සියයට 18 ක වැඩිවීමක්.

මේ අගයට මෙරටින් අපනයනය කරන තේ, ඇතැම් රටවල ඩොලර් 24ක පමණ ඉහළ වටිනාකමකට අලෙවි වෙනවා. සිලෝන් තේවලට ඩොලර් 5- 6 අතර සිට ඩොලර් 25 පමණ දක්වා වටිනකමක් නියම කළ හැකිව තිබෙනවා. එහෙත්, තේ කියන්නේ සම්පූර්ණයෙන්ම කම්කරු ශ්‍රමය සහ වත්තේ යන්ත්‍රෝපකරණ මත නෙළීම, ඇසිරීම ඇතුළු කටයුතු සිදු කරන නිෂ්පාදනයක්. එය නිපදවීමට කම්කරුවා දෙන දායකත්වයට සාපේක්ෂව එහි ආදායම කම්කරුවා අතර පත් වන්නේ නෑ.

දීර්ඝ කාලයක් තිස්සේ තේ මිල අපනයන සමාගම් විසින් ගිලින අතර, එය අභියෝග නොකර එයට ඉඩ දෙන ප්‍රධානම බලවේගය වන්නේ ලංකා කම්කරු කොංග්‍රසය සහ එහි නායකත්වය හොබවන තොණ්ඩමාන් පවුල. වත්මන් ආණ්ඩුව තොණ්ඩමාන්ලාගේ බලය බිඳදමන බව කියමින් මැතිවරණවලට ඉදිරිපත් වුවද, මේ වන විට පළාත් පාලන ආයතන තුනකදී තොණ්ඩමාන්ලාගේ පුද්ගලයන් නායකත්වයට පත් කිරීම සඳහා වත්මන් ආණ්ඩු පක්ෂය සහයෝගය දී තිබෙනවා.

Author

Related Posts