හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන මුදල් රුපියල් බිලියනයක් පමණ වියදම් කරමින් පෞද්ගලික විදේශ සංචාරවල නිරත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
රාජ්‍ය මුදල් අයුතු අවභාවිතය සම්බන්ධයෙන් මේ විමර්ශන ආරම්භ කර තිබෙනවා. ජනධිපති ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන බාර දී ඇතැයි කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය වෙත දැනුම් දී තිබෙනවා.
ඊට අදාල වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දන්වා තිබුණා.
එම සිදුවීමට අදාලව සිදු කරන විමර්ශනයට අවශ්‍ය නියෝග අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා තිබෙනවා. ඊට අවසර ලැබී තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රුපියල් බිලියනයකට අධික මුදලක් සංචාර වෙනුවෙන් වැය කර ඇති බව පාර්ලිමේන්තුවේදී කරුණු කියැවුණා.
කෙසේ වෙතත් 2022 ජුලි සිට 2024 සැප්තැම්බර් දක්වා වූ මාස 26ක කාලයේදී විදේශ රටවල් සඳහා සංචාරය 24ක් සිදුකර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2022 වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව එම වර්ෂය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයෙන් වීවීඅයිපී (ඉතා ඉතා වැදගත් පුද්ගලයන්) චාරිකා සඳහා ලබාදී ඇති ප්රතිපාදනය රුපියල් 62,178,000ක්. ඉන් රුපියල් 59,020,000ක් වියදම් කර තිබෙනවා. එය වෙන්කරන ලද ප්රතිපාදනයෙන් 95%ක් වැය කිරීමක්.
විදේශ කටයුතු අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2023 වාර්ෂික කාර්ය සාධන වාර්තාව අනුව වීවීඅයිපී සංචාර සඳහා 2023 වර්ෂයේදී ජනාධිපති කාර්යාලයෙන් එම අමාත්‍යාංශයට ලබාදී ඇති මුදල රුපියල් 384,853,000ක් වන අතර ඉන් රුපියල් 373,809,000ක් වැයකර තිබෙනවා. එම වැය කිරීම වෙන්කරන ලද ප්රතිපාදනයෙන් 97%ක් වෙනවා.
ජනාධිපතිවරයෙකු විදේශගත වීමේදී ගුවන් ටිකට්පත් වෙනුවෙන් ගෙවීම් කරන අතර, ඊට අමතරව තවත් දීමනා සහ ගෙවීම්ද කරනු ලබනවා. ඒ සම්බන්ධයෙන් 2015.05.15 දින මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආර්.එච්.එස්. සමරසතුංග නිකුත් කළ චක්‍රලේඛයක් තිබෙනවා. රාජකාරි විදේශ ගමන් සඳහා විනිමය මුදා හැරීම හා ඒ ආශ්රිත වියදම් ලෙස සඳහන් එම චක්‍රලේඛය සාකච්ඡා, සම්මන්ත්රණ, පුහුණු වැඩසටහන් ඇතු`ඵ සියලු රාජකාරි කටයුතු සඳහා විදේශගත වන නිලධාරීන්ට අදාල වෙනවා.
නිල දූත කාර්යයක් සඳහා රජය නියෝජනය කරමින් විදේශගත වීමේදී විදේශ රජය හෝ ප්රදානක ආයතනය විසින් එම රටේදී දරනු ලබන ගමන් වියදම්, ගුවන් තොටුපළ ගාස්තු, දූරකථන වියදම් යනාදිය පියවා ගැනීම සඳහා කිසියම් මුදලක් නොගෙවන විටදී එක් දිනකට ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 75 බැගින් උපරිම දින 15ක් සඳහා ඒ යටතේ ලැබිය යුුතුයි.
එවැනි විදේශ ගතවීමකදී නවාතැන් හා ආහාරපාන සඳහා වූ වියදම් විදේශ රජය හෝ ප්රදානක ආයතනය විසින් නොදරනු ලබන අවස්ථාවකදී සංයුක්ත දීමනාවක් ගෙවනු ලබනවා. එම සංයුක්ත දීමනාව රටවල් අනුව බෙදා ඇති තිබෙනවා. ඊට අමතරව පළමුවන හා දෙවන ගණය වශයෙන්ද බෙදා තිබෙනවා. එම පළමු ගණයට අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා සභාපතිවරුන්, මහ නගර සභා පුරපතිවරුන් සහ නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් අයත් වෙනවා.
ඊට අමතරව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6-2006 අනුව ආරම්භක මාසික වැටුප රුපියල් 36,755ක් හෝ ඊට ඉහළ වැටුප් පරිමාණයක් හිමි රජයේ නිලධාරීන්, ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්, කොමිෂන් සභා සභාපතිවරුන්, විදේශ සේවයේ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන්, ජනාධිපති උපදේශකවරුන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, නියෝජ්‍ය අධිපති, සහකාර අධිපති, රාජ්‍ය බැංකු සභාපතිවරුන්, මහ කළමනාකරුවන් හා ප්‍රධාන විධායක නිලධාරීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය සමාගම්වල සභාපතිවරුන් හා ප්‍රධාන විධායක නිලධාරීහු ඊට අයත් වෙනවා.
එම චක්‍රලේඛයේ උපලේඛනයේ ඇති 5 කාණ්ඩයට ඇතුළත් විදේශ රටකට යෑමේදී පළමුවන ගණනයට අයත් පිරිසට පැය 24ක එක් දිනක් සඳහා සංයුක්ත දීමනා වශයෙන් ඇමරිකානු ඩොලර් 530ක් ගෙවනු ලබනවා. 4 කාණ්ඩයට අයත් රටකට යෑමේදී ඩොලර් 400ක් ගෙවනු ලබනවා. එම ගමන් වලදී විදේශ රජය විසින් නවාතැන් පහසුකම් පමණක් සපයන්නේ නම් ආහාර පාන සඳහා සංයුක්ත දීමනාවෙන් 35%ක් ලැබෙන අතර ආහාර පාන පමණක් ලැබෙන්නේ නම් සංයුක්ත දීමනාවෙන් 65% ක් ගෙවනු ලබනවා.
ඊට අමතරව නිල චාරිකාවකදී සංග්‍රහ දීමනා වශයෙන් එක්සත් ජනපද ඩොලර් 750ක මුදලක්ද ලබාගත හැකියි. ගමන් බලපත්‍ර ගාස්තු හා වීසා ගාස්තු ලබාගත හැකියි. රුපියල් 2,400,000 නොඉක්මවන රක්ෂණ ආවරණයක්ද ලැබෙනවා.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ සිදුකළ ඇතැම් සංචාරයන් පෞද්ගලික අරමුණු වෙනුවෙන් කළ සංචාර මෙන්ම ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය දූත මණ්ඩල නොවන, ඔහුට පුද්ගලිකව ආරාධනා ලැබුණු විවිධාකාර සැසි හා සමුළුවලට සහභාගී වූ අවස්ථා බව පෙනී යනවා. එමෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවලට ඇතුළත් නොවූ, වෙනත් ආකාරවලින් වියදම් කර ඇතිදැයි සොයා බැලීමට සිදු වෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 2022 විදේශ සංචාර
සැප්තැම්බර් 19 සිට 22 දක්වා එලිසබෙත් මහ රැජිනගේ රාජ්‍ය අවමඟල් උත්සවය සඳහා සංචාරය
සැප්තැම්බර් 26 සිට 28 දක්වා ජපානයේ හිටපු ජවාධිපති ෂින්සෝ අබේ මහතාගේ රාජ්‍ය අවමඟුල් උත්සවය සඳහා ජපාන සංචාරය
සැප්තැම්බර් 28 සිට 30 දක්වා ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 55 වැනි වාර්ෂික රැස්වීමට සහභාගි වීම සඳහා පිලිපීනයේ සංචාරය
නොවැම්බර් 7 සිට 8 දක්වා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සම්මේලනයට සහභාගි වීම සඳහා ඊජීප්තුවේ සංචාරය
2023 විදේශ සංචාර
මැයි 04 සිට 08 දක්වා තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේකය සඳහා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර සංචාරය
මැයි 22 හා 23 සිංගප්පූරු සංචාරය
මැයි 24 හා 25 ජපාන සංචාරය
මැයි 26 හා 27 මැලේසියා සංචාරය
ජුනි 17 සිට 21 දක්වා එක්සත් රාජධානියේ 2023 අයිඩීයූ සංසදය සඳහා එක්සත් රාජධානියේ ලන්ඩන් සංචාරය,
ජුනි 21 සිට 25 දක්වා ප්‍රංශයේ පැරිස් සංචාරය
ජුලි 20 සිට 21 දක්වා ඉන්දීය නිල සංචාරය
අගොස්තු 21 හා 22 සිංගප්පූරු නිල සංචාරය
සැප්තැම්බර් 13 සිට 16 දක්වා කියුබාවේ රාජ්‍ය නායක සමු`ඵවට කියුබාවට හා රාජ්‍ය නායක සමු`ඵවකට සහභාගි වීම සඳහා චීනයට කළ සංචාරය
සැප්තැම්බර් 16 සිට 21 දක්වා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම සඳහා ඇමරිකාවේ නිව්යෝක් සංචාරය
සැප්තැම්බර් 21සිට 22 ලන්ඩන් සංචාරය
සැප්තැම්බර් 27 සිට 30 දක්වා බර්ලින් ගෝලීය සමු`ඵවට සහභාගි වීම සඳහා ජර්මන් සංචාරය
ඔක්තෝබර් 15 සිට 21 දක්වා චීන සංචාරය
නොවැම්බර් 15 සිට 18 දක්වා මාලදිවයින් සංචාරය
නොවැම්බර් 30 සිට දෙසැම්බර් 04 දක්වා කොප් 28 සමු`ඵවට සහභාගි වීම සඳහා ඩුබාහී සංචාරය
2024 විදේශ සංචාර
ජනවාරි 13 සිට 18 දක්වා ලෝක ආර්ථික සංසදය සඳහා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර සංචාරය
ජනවාරි 18 සිට 23 දක්වා නොබැඳි ජාතීන්ගේ සමු`ඵවට සහභාගි වීම සඳහා හා 77 කණ්ඩායම හා චීනය සමු`ඵවට සහභාගිවීම සඳහා උගන්ඩාවේ කම්පාලා නුවර සංචාරය
පෙබරවාරි 8 සිට 10 දක්වා ඉන්දියානු සාගර සමු`ඵව සඳහා ඕස්ටේ්රලියාවේ පර්ත් නුවර සංචාරය මැයි 19 සිට 21 දක්වා ලෝක ජල සංසදයට සහභාගි වීම සඳහා ඉන්දුනීසියාවේ බාලි නුවර සංචාරය
(අනිද්දා පුවත්පතේ ලසන්ත රුහුණගේ සිදුකළ අධ්‍යනයකින් ඇතැම් කරුණු උපුටා ගැනිණි.)
