හිරේ ඉන්න මහින්දානන්ද! නාවලපිටියේ බලය අල්ලයි!

නාවලපිටිය නගර සභාවේ බලය මහින්දානන්ද අලුත්ගමගේගේ සහයෝගය ලැබූ ස්වාධීන කණ්ඩායම විසින් අත්පත් කරගෙන තිබෙනවා. මෙය සිදුවී ඇත්තේ ජුනි 25 වැනිදා උදෑසන පැවති එහි සමාරම්භක රැස්වීමෙන් පසුවයි.

එහිදී ස්වාධීන කණ්ඩායම් 02 යටතේ තරඟ කළ හිටපු සභාපති අමල් ප්‍රියංකර නව සභාපතිවරයා ලෙස ඡන්ද නවයක් ලබා ගනිමින් නැවත තේරී පත් වුණා. ස්වාධීන කණ්ඩායම් 01 හි කේ. සුරේෂ්වරන් ද ඡන්ද නවයක් ලබා ගනිමින් උපසභාපති ලෙස තේරී පත් වුණා.

මෙම ස්වාධීන කණ්ඩායමට වරදකරු බවට පත් වූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ සහය ලැබී ඇති බව වාර්තා වෙනවා.

ජාතික ජන බලවේගයේ (NPP) සභාපති අපේක්ෂක තිලක් අමරසිරි සිරිසේන සහ උපසභාපති අපේක්ෂක හේවාගේ ප්‍රසන්න යන දෙදෙනාම ඡන්ද පහ බැගින් ලබා ගත්තා.

සමස්ත සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත නගර සභාවේ සංයුතිය මෙසේයි:

  • ජාතික ජන බලවේගය (NPP): සාමාජිකයින් 5
  • ස්වාධීන කණ්ඩායම් 02: සාමාජිකයින් 5
  • ස්වාධීන කණ්ඩායම් 01: සාමාජිකයින් 2
  • සමගි ජන බලවේගය (SJB): සාමාජිකයින් 2
  • එක්සත් ජාතික පෙරමුණ (UNF): සාමාජිකයෙක් 1

Author

Related Posts