අග්නිදිග සරසවියේ වීඩියෝවක් ලීක් වේ… සිද්ධියට සම්බන්ධ සිසුන්ට දැඩි දඬුවම්…

අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉංජිනේරු පීඨ සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවකවදය සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැඩි පියවරක් ගෙන තිබේ. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ වූ බවට චෝදනා ලැබූ දෙවැනි වසරේ සිසුන් 22 දෙනෙකුට පන්ති තහනම් කිරීමට උපකුලපති මහාචාර්ය එස්.එම්. ජුනයිඩීන් මහතා තීරණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු හෙළිදරව් කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කරමින් අභ්‍යන්තර පරීක්ෂණයක්ද ආරම්භ කර ඇතැයි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ලේඛාධිකාරී එම්.අයි. නවුපර් මහතා පවසයි.

මෙම නවකවද සිදු වීමේ අවස්ථාව සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම නිසා සිද්ධිය අවධානයට ලක්වූ අතර පාලනධිකාරිය විසින් වහාම පියවර ගනිමින් පරීක්ෂණ ආරම්භ කර ඇත. එමෙන්ම, අක්කරපත්තුව පොලිසියද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එසේම 2017 වසරේද මේ ආකාරයේ නවකවද සිද්ධියක් හේතුවෙන් අම්පාර – සමන්තුරේ පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසුන් 28 දෙනෙකුගේ පන්ති තහනම් කරනු ලැබුවා. කෙසේ වුවද මේ සම්න්ධයෙන්

මෙරට විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය සහ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා ජාතික කාර්ය සාධක බලකායක් පත් කර ඇති බව අද (24) වාර්තා වුණා. 2025 මැයි 14 වැනි දින පැවති සාකච්ඡාවකදී ගත් තීරණවලට අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, හරිනි අමරසූරියගේ උපදෙස් මත, එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව විසින් මෙම පත්කිරීම සිදු කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, මෙම කාර්ය සාධක බලකාය නවක වදය පමණක් නොව, සිසුන් අතර, ආයතන පරිපාලනය හෝ වෙනත් පාර්ශ්වයන්ගෙන් සිසුන්ට, එම පාර්ශවයන්ගෙන් ආචාර්යවරුන්ට සහ අනධ්‍යන සේවකයන්ට විය හැකි සියලුම ආකාරයේ හිංසන වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading