සමගි ජන බලවේගයේ කෑගල්ල සංවිධායක ඉවත් කරන්න…

සමගි ජන බලවේගයේ කෑගල්ල ආසන සංවිධායක රියර් අද්මිරාල් කීර්ති විජයබණ්ඩාර එම තනතුරෙන් ඉවත් කරන ලෙස සමගි ජන බලවේගයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ඉල්ලා සිටියා.

ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් සඳහන් කර සිටියේ කෑගල්ල ආසනයේ ප්‍රධානියා වන ආසන සංවිධායක ආසනයත් සමග හෝ ආසනයේ පාක්ෂිකයන් සමග  කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

එවැනි තත්වයක් තුළ කෑගල්ල ආසනය ගොඩ නැගීමට අපහසු බව ඔවුන් සඳහන් කළ අතර මෙවර ඡන්දයේදී ආසනයේ පාක්ෂිකයන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට හෝ පාක්ෂිකයන් හමුවීමට ඔහු කටයුතු නොකළ බව ඔවුන් ප්‍රකාශ කළා. කෑගල්ල ආසනය තුළ ආසන සංවිධායක වරයාට කාර්යාලයක් හෝ නොමැති බව සඳහන් කරමින් ඔවුන් සඳහන් කිර සිටියේ කෑගල්ල ආසනය මීට වඩා ඡන්ද ලබා ගෙන ජයග්‍රහණය කිරීමට අවස්ථාව තිබූ බවයි. කෑගල්ල ආසනයෙන් ප්‍රාදේශීය සභාව තුළ සභිකයින් 9 දෙනෙකු සිටි බවත් එය 6 දක්වා අඩු වීමට හේතුව සංවිධායකගේ දුර්වල කළමණාකාරීත්වය සහ ආසනයත් සමග බැඳීම් නොමැති කම බව වැඩි දුරටත් සඳහන් කළා.

මෙම සංවිධායක සමග මේ ගමන යා නොහැකි බවත් සජබ වැටුණු තැනින් නැගිටීමට අලුත්, දක්ෂ තරුණ නායකයෙකුට කෑගල්ල ආසන සංවිධායක කම බාර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. 

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading