මාළිමාවට පළාත් පාලන ආයතන 200ක බලය – UNP යට කිසිවක් නෑ…

ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 200ක බලය – සමගි ජන බලවේගයට 27ක්, එක්සත් ජාතික පක්ෂයට කිසිවක් නැහැ.

පසුගිය මැයි මස 6 වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව, ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 339කින් 200ක බලය ලබා ගැනීමට මේ වනවිට සමත්වී ඇත.
බලංගොඩ නගර සභාව සහ තණමල්විල ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කිරීමෙන් පසුව, සෘජුව බහුතර බලය හිමිවූ ආයතන 151ක් ඇතුළු පළාත් පාලන ආයතන 200කම පාලන බලය ජාතික ජන බලවේගයට හිමිවී ඇති බව වාර්තා වෙයි.

සමගි ජන බලවේගයට වනවිට පළාත් පාලන ආයතන 27ක බලය තහවුරු කරගෙන තිබේ. අද (24) දින එම පක්ෂය ගම්පොළ නගර සභාව සහ බෙන්තොට ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරන ලදී.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ආයතන 17ක බලයද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන 3 බැගින් බලයද ලබාගෙන ඇති අතර, පොදුජන එක්සත් පෙරමුණට එක් ආයතනයක් හිමිවී ඇත.

එමෙන්ම ස්වාධීන කණ්ඩායම් හා අනෙකුත් පක්ෂ කිහිපයක් ආයතන 12ක බලය තහවුරු කරගෙන ඇත.
මෙහිදී අවධානය යොමු කළ යුතු විශේෂ කරුණක් වන්නේ, සමගි ජන බලවේගය ජයග්‍රහණය කර තිබූ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ පාලන බලයද ජාතික ජන බලවේගය විසින් ලබා ගැනීමට සමත් වීමයි.

එසේම එක්සත් ජාතික පක්ෂය අනත පරාජයකට පත්ව ඇති අතර කිසිඳු පළාත් පාලන ආයතනයක පාලන බලය දිනාගැනීමට සමත් වී ඇත.

මේ අනුව, ජාතික ජන බලවේගය මේ වනවිටම පළාත් පාලන පද්ධතියේ ප්‍රබලතම බලවේගය ලෙස ස්ථාපිත වී ඇති බව පෙනේ. දැන් නහයෙන් අඬන්න දෙයක් නැහැ. ජනතාව 2/3 බලය විතරක් නෙවෙයි පළාත් පාලන ආයතන වල බහුතර බලය එක්ක මුළු රටේම බලය දීල තියෙන්නේ. දැන් කරන්නයි තියෙන්නේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading