ඉරානය සටන් විරාම ගිවිසුම කඩ කළා ! අපි නැවත පහරදෙනවා – ඊශ්‍රායලය කියයි. අපි ගැහුවෙ නෑ – ඉරානය පිළිතුරු දෙයි.

ජිමුත් ඉඳුසර රත්නායක

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ ඉරානය විසින් සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඇති බවයි.

ඉරානය නැවත සටන් විරාම කාලසීමාවේ දී ද ඊශ්‍රායලය දෙසට මිසයිල දියත් කිරීමේ උත්සාහයක නිරත වන බව අනාවරණය වී ඇති බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කරන ලද අතර, ඒ හේතුවෙන් ඉරානය වෙත නැවත දැඩි ප්‍රති – ප්‍රහාර එල්ල කිරීමට තමා ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නා බවත්, ටෙහෙරානයේ හදවතට පහර දී සුනුවිසුනු කිරීම තම අරමුණ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා‍.

කෙසේ නමුත් සටන් විරාමය ආරම්භ වීමෙන් පසුව ඊශ්‍රායලයට මිසයිලයක් එල්ල කළ බවට පළ වන කරුණු හා වාර්තා ඉරානය විසින් ප්‍රතික්ෂේප කරන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් චෝදනාවලට ප්‍රතිචාර ලෙස දක්වා තිබෙනවා.

කෙසේ නමුත් ඊශ්‍රායලයේ උතුරු කොටස හරහා සයිරන් හඬක් නැඟුණු බවත්, ඉරානය දෙසින් පැමිණි මිසයිලයක් සාර්ථකව තම ආරක්ෂක වැඩපිළිවෙළ හරහා වැළැක්වූ බවත් ඊශ්‍රායල හමුදා විසින් සඳහන් කරනවා.

Author

Related Posts