ගම්පොළ නගර සභාවේ සහ බෙන්තොට ප්‍රදේශීය සභාවේ බලය සජබෙට…

ගම්පොළ නගර සභාවේ සහ බෙන්තොට ප්‍රදේශීය සභාවේ බලය පිහිටුවීමට සමග ජන බලවේගය සමත්ව තිබෙනවා.

බෙන්තොට ප්‍රදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද පැවැත්වුණා. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් බෙන්තොට ප්‍රදේශීය සභාවේ බහුතර ආසන ප්‍රමාණයක් හිමි කර ගැනීමට විපක්ෂය සමත් වූ අතර එහි සභාපති පුටුව දිනා ගැනීමට අද (24) සමගි ජන බලවේගයට හැකි විය.
බෙන්තොට ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහිදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලසන්ත විජේවර්ධන සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගැනුණා.

ගම්පොළ නගර සභාවේද පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් බහුතර බලය හිමි වූයේ විපක්ෂයටයි. අද දින ගම්පොළ නගර සභාවේ ද මංගල වාරය පැවැත්වුණු අතර නව සභාපතිවරයා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පවත්වන ලදී. එහිදී නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂක හිරුක වීරරත්න වැඩි ඡන්දයෙන් තේරී පත් විය.

Author

Related Posts