ගුරුවන්ට නියමිත දිනයට වැටුප් ගෙවීමට ආණ්ඩුව අසමත් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් සටාලින් පවසයි. ඊයේ (22) ලංකා ගුරු සංගමය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.
20 වෙනිදා ගෙවීමට තිබූ වැටුප් 23 වනදා වන තෙක් ප්‍රමාද කිරීම ආණ්ඩුවේ නොහැකියාව කියාපාන්නක් බව ඔහු සඳහන් කළා. මේ හේතුවෙන් ගුරුවන් දැඩි අපහසු තාවයකට පත්ව ඇති අතර ඔවුන් මාසිකව ගෙවීමට ඇති ණය ඇතුළු අනෙකුත් වියදම් ගෙවීම් ප්‍රමාද වී ඇත.
නියමිත දිනට වැටුප් නොලැබීම නිසා ගෘවරුන් අතර නොසන්සුන්තාවයක් හට ගෙන ඇති බව සඳහන් කරමින් ජෝශප් ස්ටාලින් සඳහන් කර සිටියේ පසුගිය මාසයේද මේ ගැටලුව මතු වූ බවයි.
අධ්‍යාපන බලධාරීන් කලාප අධ්‍යාපන කාර්යාල හරහා මෙම වැටුප් ගෙවන අතර වැටුප් ප්‍රමාද වීමට හේතු ලෙස ඔවුන් මුදල් යෙදවීම ප්‍රමාද වීම වැනි කාරණා කීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ස්ටාලින් පවසයි. අධ්‍යාපන බලධාරීන් දිගින් දිගටම මෙවැනි ගැටළු ඇති වීම වලක්වා ගැනීම සඳහා පූර්ව සුදානමකින් සහ විධිමත් වැඩපිළිවෙලක් ඔස්සේ ක්‍රියා කළ යුතු බව ඔහු සඳහන් කළා. විශේෂයෙන්ම මෙලෙස පීඩාවට පත්ව ඇත්තේ ජාතික පාසල් ගුරුවරුන් බවත් මෙහි වගකීම රේඛීය අමාත්‍යංශය සතු බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.
ගුරුවරුන් සම්බන්ධයෙන් සහ ගුරුවරුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අවධානයෙන් සිටිනවා නම්, ගුරුවරුන්ට නියමිත වෙලාවට වැටුප් ලැබීම කියන කාරණයේදීත් අවධානයෙන් සිටිය යුතු වෙනවා. ආණ්ඩුව අධ්‍යාපනය සම්බන්ධයෙන් ලොකු කතා කිව්වද වැටුපවත් වෙලාවට දී ගත නොහැකිව සිටින බවත් ඉදිරියටත් මෙවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළ බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් සටාලින් අවධාරණය කර සිටී.
