සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද (23) කොළඹට කැඳවා තිබෙනවා.
අද පෙරවරුවේ අධිකරණ අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් කැඳවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ඒ අනුව දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන් සහ කොමසාරිවරුන්ට ඒ සඳහා පැමිණෙන්නැයි දැනුම් දී තිබෙන අතර බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම හමුව පැවැත්වෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
