කටාර්හි ඇමරිකානු ගුවන් කඳවුරකට පහර දුන් බව ඉරානය පවසයි. ඒ අනුව කටාර්හි අල් උදෙයිද් ගුවන් කඳවුරේ (Qatar’s Al Udeid air base) ස්ථානගත කර ඇති ඇමරිකානු හමුදාවන්ට පහර දුන් බව ඉරානය පවසා තිබේ.
ඉරානයේ රාජ්‍ය රූපවාහිනී නාලිකාවක නිවේදනයක් නිකුත් කරමින්, සටන් සංගීතය වාදන ඛණ්ඩයක් සමග, තිරයේ “ඇමරිකාවේ ආක්‍රමණයට ඉරාන සන්නද්ධ හමුදා විසින් දක්වන ලද බලවත් හා සාර්ථක ප්‍රතිචාරයක්” ලෙස හඳුන්වන ශීර්ෂ පාඨයක් පලකොට ඇත.
ඉරානයේ තර්ජන මධ්‍යයේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස කටාර් රාජ්‍යය සිය ගුවන් කලාපය වසා දමනු ලැබුවා. එසේ වසා දැමීමෙන් මද වේලාවකට පසු මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
දෝහා අසල පිහිටා ඇති අල්-උදෙයිද් ගුවන් හමුදා කඳවුර මැද පෙරදිග විශාලතම ඇමරිකානු හමුදා කඳවුර වන අතර එහි 10,000 ක් පමණ සේවා සාමාජිකයින් සිටින බව වාර්තා වේ. කටාර් ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇති ආකාරයට තම ගුවන් ආරක්ෂක අංශය අල්-උදෙයිද් වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරය සාර්ථකව වළක්වා ඇති අතර, මරණ හෝ තුවාල කිසිවක් වාර්තා වී නොමැත.
කටාර් රාජ්‍යයේ අල් උඩෙයිද් හමුදා කඳවුරට එල්ල කරන ලද ඉරාන පළිගැනීමේ ප්‍රහාරය සෞදි අරාබිය “දැඩි ලෙස” හෙළා දැක තිබේ. කටාර්හි ඇමරිකානු හමුදාවන්ට ඉරානය එල්ල කළ පළිගැනීමේ ප්‍රහාරය “ජාත්‍යන්තර නීතිය සහ යහපත් අසල්වැසි මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්” ලෙස සෞදි අරාබිය විදේශ අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
සහෝදර කටාර් රාජ්‍යයට සිය පූර්ණ සහයෝගීතාවය පල කරන බව සඳහන් කර ඇති අතර ගන්නා සියලු පියවරයන්හිදී කටාර් රාජ්‍යයට සහාය වීම සඳහා එහි සියලු ශක්තීන් යොවන බවද සඳහන් කර ඇත.
කලාපීය තත්ත්වය ස්ථාවර වන තුරු ඊජිප්තු එයාර් ගුවන් සේවය ගල්ෆ් නගර වෙත ගුවන් ගමන් අත්හිටුවා ඇති බව දැනුම් දෙමින් ෆේස්බුක් සටහනක් තබා ඇත.
කලාපීය වශයෙන් උණුසුම් තත්ත්වයක් පවතින බැවින් කුවේට් ගුවන් අවකාශය තාවකාලිකව වසා දමා ඇති අතර ඊට අමතරව, කුවේට්, බහරේනය සහ කටාර් සමඟ එක්ව එහි ගුවන් අවකාශය තාවකාලිකව වසා දමා ඇත.
