ඉරානයේ හමුදා මධ්‍යම අණදෙන ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆගාරි විසින් ට්‍රම්ප් වෙත සෘජු වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් “සූදුකාර ට්‍රම්ප්, ඔබට මෙම යුද්ධය ආරම්භ කළ හැකිය, නමුත් එය අවසන් කරන්නේ අපියි,” යනුවෙන් ප්‍රකාශ කර ඇත.
ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුන වන ෆෝඩෝ හි භූගත යුරේනියම් වැඩි දියුණු කිරීමේ මධ්‍යස්ථානය සහ ඉස්ෆහාන් සහ නටාන්ස් හි න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එක්සත් ජනපදය ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසුව මෙම ප්‍රකාශය සිදු විය. ට්‍රම්ප් අවධාරනය කළේ ප්‍රහාරය මගින් ටෙහෙරානයේ න්‍යෂ්ටික ශක්තීන් “මකා දැමූ” බවයි.
කෙසේ වුවද ට්‍රම්ප්ට අනතුරු අඟවමින් ඊබ්‍රහිම් පොල්ෆකාරී ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රහාර නිසා ඇමෙරිකාවට දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වනු ඇති බවයි. ඉරාන හමුදාව අද දින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ එක්සත් ජනපදයට එරෙහිව ඉදිරි පළිගැනීමේ මෙහෙයුම් පිළිබඳව අනතුරු ඇඟවා ඇත. එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමරිකාව සෘජුවම ප්‍රහාර එල්ල කිරීම නිසා ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ “නීත්‍යානුකූල ඉලක්ක” පරාසය පුළුල් වී ඇති බවයි.
