දේශබන්දුගේ සාක්ෂිකරුවන් අද කමිටුවට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද පෙරවරු 9.30ට රැස් විමට නියමිතයි.

අද කමිටුව හමුවට කැඳවා ඇත්තේ, වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන්.

ඒ යටතේ පරීක්ෂණ කමිටුව අද සිට බදාදා දක්වා සාක්ෂිකරුවන් 15 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව 26 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 2.00 ට පරීක්ෂණ කමිටුව යළි රැස්වන් ඇති.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරුන් ය.

මේ වනවිට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 28 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන අවසන් කර තිබෙනවා.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් ලබන 26 වැනිදායින් පසුව සාක්ෂි ලබාගැනීමට නියමිතයි.

Author

Related Posts