නිවාස ණය මිලියන 26 දාහක් පිනට දීලා

2015-2019 දක්වා කාල සීමාව තුළදී ජාතික නිවාස අධිකාරිය මඟින් ලබාදුන් රුපියල් මිලියන 26 දහසක නිවාස ණය මුදලක් යළි අයකරගෙන නොමැති බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසනවා.

ඔහු පැවසුවේ අදාල කාලසිමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මඟින් පුද්ගලයින් 67,000කට ණය ලබා දී ඇති බවයි.

නිවාස සංවර්ධන අධිකාරිය 2015-2019 වසර හතර ඇතුලත 67000කට ණය දීලා තියනවා.එ ණය වලින් මිලියන 26දාහක් අය කර ගන්න බැරුව තියනවා….ජනතාවට දීපු ණය ඇතුලේ තියනවා දේශපාලඥයෝ ඇතුලෙන් ගහපු ණය.අපි මේ රටේ ජනතාවගේ ජාතික ධනය විශමාචාර විදියට අවභාවිතා කරන්න අපිට අයිතියක් නැහැ.දුගීබාවයේ පතුලෙම ඉන්න අයට ගේ හදා ගන්න නිවාස සංවර්ධන අධිකාරිය ලක්ෂ10ක ් දෙනවා අධාර විදියට . යම් ප්‍රමාණයක් ගෙවා ගන්න පුලුවන් හැකියාව තියන අයට ජාතික ධනයෙන් ණය දෙනවා.ණයට දුන්නම ණය ගෙවන්න ඕන.ඒ මුදල මුලු ජාතියම සතු මුදලක්.එහෙම අය කරගන්න බැරුව මුදල් දීලා තියෙන්නේ දේශපාලඥයින් තමන්ගේ හිතවතුන්ට තමන්ගේ ගෙදරින් දෙනව වගේ භාණ්ඩාගාරයෙන් මුදල් බෙදලා…..

නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (22) ජනහමුවක් අමතමින් මේ බව පවසා සිටියා.

Author

Related Posts